Avengers: Infinity War 2018 Sinhala Dubbed [සිංහල හඩකැවූ] ( 720P | 1.6GB )

Avengers: Infinity War 2018 poster
2018 ‧ Action/Sci-fi ‧ 2h 29m


මෙය කුඩා ළමුන් සදහා නුසුදුසු වේ!

Details

Release date: April 23, 2018 (Los Angeles)
Directors: Anthony Russo, Joe Russo
Box office: $2.048 billion
Budget: $325–400 million
Distributed by: Walt Disney Studios Motion Pictures
Music by: Alan Silvestri

Trailer

Plot

2005 දී මාර්වල් ස්ටුඩියෝව නිර්මාණය කල විට Avi Arad ගේ තනතුරේ උප තනතුර හෙවත් මාර්වල් සිනමා අංශයේ උප අංශ ප්‍රධානි තනතුර දැරූ Kewin Feige ඔහුගේ අදහසක් ඉදිරිපත් කරනවා. ඔහු ඉදිරිපත් කල අදහස වූයේ ඔවුනේ ජනප්‍රියම චරිත කිහිපයක්ම වෙනත් ආයතන වලට ලබා දී තිබුනද Marvel Comic හි ප්‍රධානතම කණ්ඩායමක් වන Avenger චරිත මාර්වල් ස්ටුඩියෝව වෙත යොදාගත හැකි බව. ඇවෙන්ජර් හි තනි තනි චරිත වල සිනමාපට නිර්මාණය කර පසුව සියල්ලන් එක් කර සමූහ වීර සිනමාපටයක් නිර්මාණයට ඔහු අදහසක් ඉරිදිපත් කරනවා. ඔහුගේ අදහසට තවත් ප්‍රධාන හේතුවක් වූයේ වෙනත් ආයතන වලට විකුණා තිබූ ඇවෙන්ජර් චරිත නැවත මාර්වල් වෙත ලැබී තිබූ නිසාය.

  • කොලොම්බියා සහ ආටිසන් එන්ටර්ටෙන්ට්මන්ට්ලක විකුණලා තිබ්බ බ්ලැක් පැන්තර් චරිත හිමිකම 2005 දි ආයේ මාවල් ස්ටුඩියෝවට ලැබෙනවා.
  • 2005 වසරේදීම නිව් ලයින් සිනමා එකට විකුණලා තිබ්බ අයන් මෑන් හිමිකම මාවල් ස්ටුඩියෝවට ලැබෙනවා.
  • ආටිසන් ගාව තිබ්බ තෝර් චරිත හිමිකම 2006දි මාවල්ලට ලැබෙනවා.
  • ලයන්ස් ගේට්ලට අයිතිවෙලා තිබ්බ බ්ලැක් විඩෝ චරිත හිමිකම මාවල්ලට ලැබෙනවා ඒ 2006දීම.
  • 2006 වසරේදීම හල්ක් අයිතියත් මාවල්ලට ලැබෙනව.[කොන්දේසි යටතේ]

Venom 1 [ සිංහල හඩකැවූ
2018 ‧ Action/Sci-fi ‧ 2h 20m
කොච්චර සුපිරිද කියනවනම් චිත්‍රපටයේ එඩි බ්‍රෝක් හා සම්බන්ධ වෙන වෙනම්ඩට දායකත්වය සදහාද...

Watch Now!

මේ සියල්ලට පාදක වන්නේ දුර දැක්මෙන් නිර්මාණය කරන ලද ගිවිසුම් හෝ දෛවයේ සරදමක් විය හැකි. මක් නිසාද යත් මාර්වල් චරිත මිලදී ගත් ආයතන යම් කාලයක් තුල එම චරිතය යොදාගෙන සිනමා පටයක් නිර්මාණය නොකළ හොත් නැවතත් මව් සමාගමට එම චරිතයේ බල අධිකාරිය ලැබෙන ලෙස ගිවිසුමේ අන්තර්ගත වූ කොන්දේසියක් නිසාවෙන්. ඉතින් ඒ ඉහතින් සඳහන් කල චරිත මාර්වල් සමාගම වෙත නොමිලේම කඩාපාත් වෙන අවස්ථාවේ ඔවුන් සිහිනයකිවත් සිතන්නට නැතුව ඇති ඒ චරිතම සිනමා ලෝකය හොල්ලාවී කියල. අපේ සිත් සතන් සතුටෙන්, දුකෙන් පුරවාවී කියල (පසු කාලීනව තවත් චරිත ගණනාවක්ම මෙලෙස මාර්වල් වෙත ලබාගැනීමට ලබාගැනීමට වරම් ලැබුනා) කෙසේ වෙතත් කෙවින්ගේ මේ අදහසට Arad කැමැත්තක් දක්වන්නේ නැහැ. පසුව ඔහු සිය තනතුරින් ඉවත් වූ පසු 2007 දී ඔහුගේ දෙවෙනියාව සිටි Kevin Feige මාර්වල් ස්ටුඩියෝවේ ප්‍රධානියා බවට පත් වෙනවා. මෙයින් පසුව ඔහු තම අදහස වූ ඇවෙන්ජර් චරිත වල ඉදිරි ගමන සැලසුම් කරනවා. කෙවින් විසින් කොමික් වල ලක්ෂණ එලෙසින්ම පවත්වාගෙන යාමට හයදෙනෙකුගෙන් යුතු කමිටුවක් පිහිටුවනවා. කෙවින් මෙන්ම ඔහුගේ උප ප්‍රධානී Lovis Desposito, මාර්වල් කොමික් ප්‍රකාශන ප්‍රධානි Dan Buckley සහ Joe Quesada, රචකයෙක් වන Brian Michael සහ මාර්වල් එන්ටර්ටේන්මන්ට් ප්‍රධානි Alan Fine අයත් වූවා. Avi Arad විශ්‍රාම ගෙන සිටියත් ඔහු තම මුදල් දිගටම මේ සඳහා ආයෝජනය කරමින් සිටියා. කෙවින් මුලින්ම මේ සිනමා විශ්වයට නම යෙදුවේ Marvel Cinema Univers කියාය. පසුව එය Marvel Cinematic Univers (MCU) ලෙසින් වෙනස් වූවා. එමෙන්ම මේ MCU ඒක මාර්වල් මල්ටිවර්ස් එකේම කොටසක් ලෙසට සම්බන්ධ කරගනිමින් Earth 19999 යන නාමය ලබා දීමත් සිද්ධ වුනා.

MCU සඳහා අදාල වන්නේ මාර්වල් ස්ටුඩියෝවේ සිනමාපට පමණක් නොවේ. පසු කලකදී ඔවුන් නිර්මණය කල රූපවාහිනී කතා මාලා, වන් ෂොට් කෙටි චිත්‍රපට මෙන්ම MCU tie-in Comic පොත් ද මේ සිනමා විශ්වයට අදාල වනවා. ඉතින් මේ දිහා බලනකොටම පේනවනේ MCU ඒක කෙතරම් දැවැන්තව සැලසුම් සහගත ගමනකද යන්නේ කියලා. ප්‍රධාන ගමන සිනමාපටයෙන් සිදුවන අතර එහි නොමැති කරුණු tie-in කොමික් පොතෙන් ද, අතුරු කතාවක් වන් ෂොට් මගින්ද, MCU හි වෙනමම පැතිකඩක් රූපවාහිනී කතාමාලා මගින්ද ආවරණය කරනවා. මාර්වල් ස්ටුඩියෝව ආරම්භ කරන මාර්වල් සිනමැටික් විශ්වය හෙවත් MCU එක නිලවශයෙන් ආරම්භ වන්නේ 2008 දී තිරගත වන Iron Man සිනමාපටයෙන්. පැරමවුන්ට් හා එක්ව මාර්වල් ස්ටුඩියෝව MCU එක ආරම්භ කලද 2009 දී ඩොලර් බිලියන 4 කට Walt Disney සමාගම විසින් Marvel Entertainment මිලට ගැනීම සමඟ මාර්වල් ස්ටුඩියෝව ඩිස්නි යටතට පත් වනවා. නමුත් ඩිස්නි ආයතනය මාර්වල් හි අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිඳු වෙනස්කමක් නොකර පැවති විදියටම පවත්වාගෙන යාමට ඉඩ හරිනවා. ඩිස්නි විසින් ඒ වන විට පැරමවුන්ට් සතුව තිබු MCU හි බෙදාහැරීමේ සහ නිෂ්පාදන අයිතිය තමන් වෙත ලබාගන්නට කටයුතු සිදු කරන්නට අමතක කරන්නේ නැහැ. මේ අනුව ඔවුන් 2010 දී ඉරිදියේදී තිරගත වීමට නියමිතව තිබූ The Avenger සහ Iron Man 3 ද , 2013 දී තිරගතව තිබූ Iron Man, Iron Man 2, Thor සහ Captain America – The First Avenger සිනමාපට වල අයිතියද පැරමවුන්ට් වෙතින් ලබාගන්නට කටයුතු කරනවා. මෙයින් පසුව එනම් අයන් මෑන් 3 සිනමාපටයෙන් පසුව පැමිණි සෑම MCU සිනමාපටයක්ම ඩිස්නි යටතේ නිර්මාණය වූ ඒවා විය. නමුත් Hulk දිගටම යුනිවර්සල් සතුව පවතින අතර ඔවුන්ට බෙදාහැරීමේ අයිතිය මෙන්ම මාර්වල් සතුව එහි සිනමා නිෂ්පාදන අයිතිය පවතිනවා. 2015 දී සෝනි සමඟ කල ගණුදෙනුවකට අනුව ස්පයිඩර් මෑන් චරිතය MCU එක තුල යොදා දාගැනීමට අවසර ලැබෙන අතර, නමුත් මූල්‍යමය, බෙදාහැරීමේ සහ සම්පූර්ණ පාලන කටයුතු සෝනි තමන් වෙතම තබාගන්නවා . මීට අමතරව,

  • නිව් ලයින් සිනමාවට අයිතිවෙලා තිබ්බ බ්ලේඩ් චරිත හිමිකම නැවත මාවල්ලට ලැබෙනවා ඒ 2012 දිත්
  • ඩෙයාඩෙවිල් චරිත අයිතිය නැවත මාවල්ලගේ බව 2013දි ඩිස්නි ආයතනය තහවුරු කරනවා
  • 2013 වසරේදීම සෝනිලට හිමිවෙලා තිබ්බ ගෝස්ට් රයිඩර් හිමිකමත් ලයන්ගේට්ස්ලට තිබ්බ පනිෂර් හිමිකමත් මාවල්ලට නැවත ලැබෙනවා ඒවගේම සෝනිල ගාව තිබ්බ ලුක් කේජ් හිමිකමත් ඔවුන් සතු වෙනවා.
  • ගාඩියන් ඔෆ් ද ගැලක්සි 2 සිනමා පටයේ දී ඔබ දුටු Ego the Living Planet චරිතය ෆොක්ස්ල සමාගම සතුව තිබුණ එකක් ගාඩියන් 2 එකට යොදාගන්න මාවල්ලට අවසර ලැබුනා ඒ ඩේඩ්පුල් එකේ ආව නෙගසොනික් ටිනේජ් චරිතයට සතු බලය කොමික් තුල ඇති බලයට වඩා වෙනස් ලෙස දැක්වීමට ලැබුන අවසරය නිසාවෙන්.

ඉතින් එහෙනම් උඩ තියෙන කෙටි විස්තරෙත් එක්ක දැන් කතා කරමු අපි MCU එකේ අපේ දවසේ කතාවට අදාල ලිපිය. කොමික් පාදක කරගත්තු සිනමා ලෝකයේ මේ ගෙවෙන්නේ ස්වර්ණමය යුගය තුලයි. මාර්වල් හෝ වේවා, DC හෝ වේවා වෙනත් සමාගම් හෝ වේවා ඇති දැවැන්ත නිර්මාණ රාශියක් මේ කාලයේ නිර්මාණය කිරීමට කටයුතු සිද්ධ කෙරුනා. නමුත් මේ සියල්ල පරදවා මේ යුගයේ සිනමා විශ්වයේ ඉහලින්ම සිටිනුයේ මාර්වල් සිනමා විශ්වය හෙවත් MCU සමත් කම් පාන්නේ තමුන්ගේ සිනමා නිර්මාණ හැකි තාක් රසික සිත් සතන්තුල පැලපදියම් වන ලෙස ගොඩනගමින්. MCU ලද සාර්ථකත්වය නිසාවෙන්ම DC ආයතනය නිර්මාණය කල DCEU හෙවත් DC Extended Universe මාර්වල් සමාගම කෙමෙන් කෙමෙන් ගොඩ නැගූ විශ්වයට තරඟයක් දීම අරමුණු කොටගෙන ආරම්භ කල අධිවේගී ගමන ලත් තැනම ලොප් වී සිටින අවධියක මාර්වල් ස්ටුඩියෝවේ වසර 10 ක සැලසුම්සහගත ගමනේ එක් කූටප්‍රාප්තියක් සනිටුහන් කරමින් කොමික් පාදක කරගත් සිනමා ඉතිහාසයේ මෙතෙක් පැමිණි දැවැන්තම සිනමාපටය වන Avengers Infinity War ඇති දැවැන්ත සාර්ථකත්වයකින් මේ දිනවල ප්‍රදර්ශනය වනවා. වසර 10 ක ඉතිහාසය තුල MCU නිර්මණ අදියර තුනක් යටතේ සිනමාපට 19 ක් ලෙස අප වෙත පැමිණ අවසන්. කෙවින් එදා දුටු සිහිනය අති සාර්ථක වෙමින් සිනමා ඉතිහාසයේ ඉහලම ආදායම් ලද සිනමාපට පෙළ වීමට අද වන විට මාර්වල් විශ්වය සමත්කම්පා තිබෙන බව කිව්වොත් ඔබ කිසිවෙක් පුදුම නොවනු ඇති බවයි මගේ හැඟීම. මේ වසර 10 ඇතුලත සිනමාපට 19 ට අමතරව වන්ෂොට් කෙටි සිනමාපට 5ක් මෙන්ම රූපවාහිනී කතාමාලා 10 ක් නිර්මාණය වී දැවැන්තව මුල් බැසගිය සිනමා විශ්වයක් සරුවට දළුලා වර්ධනය වී තිබෙන්නේ “සල්ලි ගස් වල නොහැදෙන බවට” ඇති අපගේ පුරාණ කියමන පිළිබඳව සැකයක් මතු කරමින්. මාර්වල් සිනමා විශ්වය අදියර තුනක් යටතේ ගොඩ නැගුන බව කලින්ම සඳහන් කල එකේ එහි, පළමු අදියර ඇවෙන්ජර් පළමු සිනමාපටය දක්වාත්, දෙවන අදියර ඈන්ට් මෑන් පළමු සිනමාපටය දක්වාත්, තෙවැන් අදියර වර්තමානය දක්වාත් නිර්මාණය දිව ගියා. MCU හි ප්‍රධාන කතා තේමාවට අදාල වන්නේ අපරිමිත පාශානයන් හෙවත් ඉන්ෆිනිට්ය් ස්ටෝන් ය. නමුත් ඒ සියල්ලට ප්‍රථම වසර 10 ගමන් මග තුල අපි දැක්ක සිනමා පට කෙටියෙන් මතක් කරගමු, මොකද සිනමා පට 19 ක ගමන ලේසි පහසු එකක් නොවෙයි…

Iron Man (2008)

මාර්වල් සිනමා විශ්වයේ කුළුඳුල් නිර්මාණය වන්නේ මෙයයි. 2008 මැයි 02 පැමිණි මේ සිනමාපටයේ රොබර්ට් ඩවුනි ජූනියර් අයන් මෑන් ලෙසින් කරලියට පැමිණෙනවා. Jon Favreau අධ්‍යක්ෂණය කල මෙය පැරමවුන්ට් බෙදාහැරීමක් විය. MCU සිහිනය දුටු කෙවින්ගේ සිහිනය මල්ඵල ගැන්වීම සනිටුහන් කරමින් ලොවපුරා කොමික් රසිකයන් සිනමාපටය මෙන්ම අයන් මෑන් ලෙසින් රොබර්ට් ඩවුනි ඇති සාර්ථකව පිළිගනු ලැබූවා. කොමික් චරිතයට සමාන හැඩරුවක් හිමි ඩවුනි ඇති සාර්ථකව එම චරිතයට පිවිසුණු අතර සිනමාපට 19 අතරේ ඔහු නොමැකෙන තැනක් ලබාගන්නට සමත් වූවා. America Film Institute විසින් එම වසරේ හොඳම සිනමාපට 10 න් එකක් ලෙසද මේ සිනමාපටය තෝරාගනු ලැබුවා. බිලියනපති ටෝනි ස්ටාර්ක් ත්‍රස්ත කල්ලියකට හසුවීමෙන් පසු නිදහස් වීමට උපකාරී වීමට නිර්මාණය කරන යකඩ ඇඳුමක් සහිත යන්ත්‍රයක් සහ පසුව නිදහස් ලැබූ පසු ඔහු තීරණය නිර්මණය කල ඇඳුම (අයන් මෑන් ආමර් එක) වැඩිදියුණු කල නිර්මාණය කර තම සමාගමෙන් රහසිගතව විකිණු ආයුධ සොයා යාම සහ ඔහුගේ සගයාගේ කුමන්ත්‍රණයට හසුව එය පැරදවීම තුල මෙහි කතාව ගොඩනැගී තිබෙනවා. එමෙන්ම සිනමාපටය අවසානයේ ශීල්ඩ් අධ්‍යක්ෂක නික් ෆියුරි හඳුන්වා දෙන්නේ දැවැන්ත විශ්වයක ඇරඹුම සනිටුහන් කරනු ලැබුවා. එමෙන්ම ඉරිදියේදී විශේෂ චරිත නිරූපනයක් කරන ෆිල් කොල්සන් ද හඳුන්වා දෙනවා.

Extraction 2020 [ සිංහල හඩකැවූ]
2020 ‧ Action/Thriller ‧ 1h 56m
හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු...

Watch Now!

02 The Incredible Hulk (2008)

2008 දීම තිරගත වුනු ද ඉන්ක්‍රෙඩිබල් හල්ක් සිනමාපටය MCU හි දෙවන සිනමාපටයයි. 2008 ජූනි 13 පැමිණි මේ සිනමාපටය යුනිවර්සල් බෙදාහැරීමක් විය. Louis Leterrier විසින් අධ්‍යක්ෂණ කල මෙහි බ්රූස් බැනර් ලෙසින් එක්වන්නේ එඩ්වර්ඩ් නෝර්ටන් ය. 2003 පැමිණි ආසාර්ථක හල්ක් සිනමාපටය ඉදිරියට ගෙන යමින් නමුත් එයට සම්බන්දයක් නැති සිනමාපටයක් ලෙසින් මෙය නිමවනු ලැබුවේ අනාගතයේ MCU මේ සුපිරි දැවැන්තයා තබා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස. ගැමා පිපිරීමට හසුව විකෘර්තිවීමකට ලක්ව සිටින බැනර් තමාවම සහ තමන්ගේ ආදරය කල කාන්තාව පසෙකලා හුදෙකලා ජීවිතයක් ගෙවමින් විවිධ තැන් වල ජීවත් වන අතර ඔහුව දඩයම් කිරීමට පැමිණෙන පිරිසක් සහ ඒ මගින් සිදුවන ප්‍රතිඵලයක් නිසා බිහිවන දරුණු සතුරෙක් සමඟ සටන් වැදීම මෙහි කතා තේමාව වනවා. එමෙන්ම සිනමාපටය අවසානයේ ටෝනි ස්ටාර්ක් හෙවත් අයන් මෑන් සුළු දර්ශනයක් සඳහා එක් වීමත් සිදුවන්නේ, මාර්වල් දම්වැලේ පුරුක් සම්බන්ධ කරමින්.

03 Iron Man 2 (2010)

2010 මැයි 07 තිරගත වුනු මෙය මාර්වල් විශ්වයේ තුන්වැනි වෙළුම නැවතත් යකඩ මිනිසා සඳහා වෙන් වෙනවා. පෙර සිනමාපටය මෙන්ම මෙයද Jon Favreau විසින් අධ්‍යක්ෂණය කල අතර අයන් මෑන් ට අමතරව තවත් දැවැන්ත චරිතයක් වන නටාෂා රමනොෆ් හෙවත් බ්ලැක් විඩෝ මෙන්ම වෝ මැෂින් නම් චරිතයද මාර්වල් ප්‍රේක්ෂක අපට හඳුන්වා දෙන්නට මේ නිර්මාණය කටයුතු සිදු කරනවා. අයන් මෑන් ලෙස ටෝනි ස්ටාර්ක් ප්‍රසිද්ද කල පසු ඇමරිකානු රජය ඔහුට සීමා පැනවීමට උත්සහ කරන අතර එයට එරෙහිව ඔහුගේ ගමන සහ රුසියානු විද්‍යාඥයෙක් විසින් ටෝනිගේ තාක්ෂනය ඔහුටම විරුද්ධව යොදාගෙන සිදුකරන දැවැන්ත විනාශයකින් බේරීමට කරනා සටන තුල මේ අපුරු කතාව ගොඩනැගෙන්නේ නැවතත් මාර්වල් විශ්වයට සති ගණනක් වාර්තාගත ආදායමක් උපයා දෙමින්.

04 Thor (2011)

2011 මැයි ඔය තිරගත වන මෙය Kenneth Branagh විසින් අධ්‍යක්ෂණය කල අතර මාර්වල් විශ්වයේ සිව්වන වන සිනමාපටය විය. මාර්වල් විශ්වයේ දැවැන්ත චරිතයක් වන තෝර් ලෙස ක්‍රිස් හෙම්ස්වර්ත් එක කරගනු ලබනවා. අද වන තෙක් මාර්වල් විශ්වයේ සාර්ථකම සතුරු ලෙස අපි හැමෝම ආදරයෙන් වෛර කල ලෝකී මෙමගින් අප සිත්තුල විජ්ජා මවන්නට එක්කාසු කරන්නටත් ඔවුන් අමතක කලේ නැහැ. වගකීම් විරහිත හැසිරීම තුල තෝර්ට සිදුවන පිටුවහල් කිරීමක් තුල ඔහු තම බලය නැවත ලබාගැනීම සහ ලෝකී ගේ කුමන්ත්‍රණ පරදවා අස්ගාඩ් රැකගැනීම වැනි කතා තේමාවන් හරහා දිය ගිය මේ නිර්මාණය කලින් අප දුටු සිනමා නිර්මාණ සියල්ලටම වඩා වෙනසක් ගැබ් වුන සිනමා නිර්මාණයක් බවට පත් වන්නේ, මේ දෙවිවරුන් අපේ ලෝකයේද මුල් බැසගත් පුරාතනයන් වීම නිසාවෙන්. නමුත් එතනින් නොනවතින මේ සොදුරු විශ්වය තවත් දැවැන්ත චරිතයක් වන හෝක්අයි චරිතය මේ සලරුව තුලින් මුල් වරට හඳුන්වා හී සැරයක් මෙන් අප හදවත් පාසා කරගෙන යාමට යොදා ගන්නවා.

05 Captain America: The First Avenger (2011)

2011 ජූනි 22 තිරගත වන මේ සිනමාපටය තුලින් මාර්වල් විශ්වයේ නියමුවා වන ස්ටීව් රොජර්ස් හෙවත් කැප්ටන් ඇමෙරිකා හඳුන්වා චරිතය නිර්මාණයේ සිට අතීත කතාවක් අපහට ගෙන හැර පාන්නට සමත්කම් පානවා. මාර්වල්හි විශ්වයේ අමරණීය කපිතාන්ච ලෙස ක්‍රිස් එවන්ස් සැබවින්ම ජීවමාන කොමික් පිටුවක් රිදී තිරයට ගෙන යන්නේ ඉදිරියේ පැමිණෙන මහා විශ්වයක එක ස්ථම්බයක් වෙමින්. ඔහුට අමතරව තවත් විශ්වයේ තවත් චරිත වන බකී බාන්ස් (වින්ටර් සොල්ජර්), පෙගී කාටර් (ඒජන්ට් කාටර්), රෙඩ් ස්කල් වැන්නවුන්ද මේ තුලින් විශ්වයක කුඩා තරුකැට ලෙස තමුන්ගේ ලකුණ එක් කරන්නට සමත් වෙනවා. කුඩා ශරීරය හේතුවෙන් දෙවන ලෝක යුද්ද සමයේ ඇමරිකානු හමුදාවට එක්වන්නට නොහැකිව සිටින ස්ටීව් පසුව රහසිගත හමුදා පරීක්ෂණයකට ලක්ව සුපර්සොල්ජර් සීරම් එකක් ශරීයට එක්කරගන ශරීරය වැඩිදියුණු කරගැනීම සහ නාසි විද්‍යා ඒකකය වන හයිද්‍රා ඒකකයට එරෙහිව සටන් කිරීම සහ හයිද්‍රා ප්‍රධානී රෙඩ් ස්කල් ට එරෙහිව සටන් මේ සලරුව තුල ජීවමාන කරන්නට පස්වැනි වරටත් මාර්වල් විශ්වය සමත් වෙනවා. එමෙන්ම මර්වල් විශ්වයේ මුල්ම ඉන්ෆිනිටි ස්ටෝන් ඒක ලෙස අවකාශ මාණික්‍ය හෙවත් ටෙසරැක්ට් එක හඳුන්වා දීමත් මේ නිර්මාණය තුලින් සිදු කරන්නට ඔවුන් වග බලා ගන්නේ, අද අපි දකින මහා සුළු කුණාටුවක් නම් වූ අද ඔබ දකින සුපිරි සලරුවේ අත් වැසුමට එක් අවකාශයක් ගැන අප දැනුවත් කරමින්.

The Tomorrow War - අනන්ත යුද්ධය
2021 ‧ Action/Sci-fi ‧ 2h 20m
අනාගතයේ [ 2051] ලෝකය 🌎 Whitespikes කියන Alien Creatures ලා වගයක් නිසා සම්පූර්ණයෙන්ම විනාශ...

Watch Now!

06 Marvel’s The Avengers (2012)

2012 මැයි 04 තිරගත වන මෙය මාර්වල් සිනමා විශ්වයේ පළමු දැවැන්තම සුපිරි වීර එකතුවයි. කෙවින් එදා දුටු සිහිනය මුල්වරට පල්ඵල ගැන්වෙන්නේද මේ තුලින් වේ. ජෝස් වේඩන් නිර්මාණය කරන මෙය මාර්වල් විශ්වයේ අවසන් නිර්මාණය වුවත් එහි අවසානයක් නම් තවමත් අපට පෙනෙන මානයක නම් නැහැ. අයන් මෑන්, කැප්ටන් ඇමෙරිකා, තෝර්, හල්ක්, නටෂා, හෝක්අයි, නික් ෆියුරි එක්ව ලෝකී විසින් රැගෙන එන හමුදාවකින් ලෝකය ආරක්ෂා කිරීම දරණ වෑයම තුල මේ නිර්මාණය මුල් බැසගෙන තිබුණා. මෙයට පෙර සිනමාපට 5 ක් තුලින් ගෙන ආ කතාවන් එකට එක් කරමින් සිනමා විශ්වයක් යනු කුමක්දැයි මනාව පහදමින් මෙය ඇති සාර්ථක ලෙස නිර්මාණය වෙන්නේ සැබවින්ම මාර්වල් සමාගම තමුන් සතු හැකියාව ලොවට හඬගා කියමින්. මෙම සිනමාපටයෙදී පෙර සිනමාපටයේ හල්ක් ලෙස එක්වුණු එඩ්වර්ඩ් නෝර්ටන් වෙනුවට මාර්ක් රෆලෝ ආදේශ වනවා. මේ සිනමාපටයේ සිටඔහු මේ විශ්වයේ මහා අනුවන දැවැන්තයා ලෙස එක්කාසු වන්නේ ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙනයි. ඒ වගේම දෙවන ඉන්ෆිනිටි ස්ටෝන් එක වනමයින්ඩ් ජෙම් එකත්ඒ විශ්වය වෙත මේ අපුරු මිතුරු හවුල තුල හඳුන්වා දෙනු ලැබුවා. සිනමාපටය අවසානයේ වසර 10 ක සැලැස්මේ අති දැවැන්ත සතුරා වන තැනොස් නම් වන ඒ සැබෑ අලස දැවැන්තයා අප ඉදිරියේ ඔහුගේ රුව සටහන් කරන්නේ පැමිණෙන කළු වලාවක මුල්ම අඩහැරය ලෙසින්.

07 Iron Man 3 (2013)

2013 මැයි 3 තිරගත වන මෙය Shane Black කේ අධ්‍යක්ෂණයක් වනවා. අයන් මෑන් සිනමාපට ත්‍රිත්වය නිමාවට පත් කරමින් සාර්ථකම අයන් මෑන් සිනමාපටය වීමට මෙයට හැකියාව ලැබෙනවා. ඇවෙන්ජර් සිනමාපටයේ නිව්යෝර්ක් යුද්දයේ පසු කම්පනය නිසා PTSD තත්වයක සිටින ටෝනි විසින් මැන්ඩරීන් නැමති සතුරෙක් හා සටන් වදින අයුරු මින් අපට දැකගත හැකි වුනා. ඒ විතරක් නෙමෙයි මේ විශ්වය තුල ඔහුට ඇති තැන කියාපාමින් බොක්ස්ඔෆිස් ලොව බිලියනයක චෙක් හිමිකරුවෙක් වෙන්නත් ඔහු මෙවර තනිවම සමත් වෙනවා.

08 Thor: The Dark World (2013)

2013 නොවැම්බර් 08 තිරගත වන මෙය Alan Taylor ගේ අධ්‍යක්ෂණයක්. තවත් ඉන්ෆිනිටි ස්ටෝන් එකක් වන යතාර්ථ මාණික්‍ය හෙවත් ඊතර් එක පාදක කරගත් යතාර්ථය ව්‍යාකුල කිරීමේ සාර්ථක 8 වැනි සලරුව ලෙස ඉතිහාසපොත් අතරට එක්කාසු වෙනවා. තෝර් විසින් මැලකිත් නැමති සතුරෙක් සහ ඔහුගේ හමුදාවක් සමඟ සටන් වදින අයුරු සහ එමගින් ලෝක 9 ක් බේරාගන්නා අයුරු මෙතුලින් ඔබ දකින්නට ඇති.

සම්පූර්ණ විස්තරය මෙතනින් 👉 LINK

එතනින් නිමාවන ආගමනය, දොර විවර කරන්නේ විශ්වයේ මාරක අවසානයට කිව්වොත් මම නිවැරදි, සැබවින්ම මෙය සංවේදී චිත්‍රපටයක්. ඔබට මට පමණක් නොවෙයි, මෙහි චරිත පවා ඒ දශකයක බර දරාගෙන තමයි තිරය ආලෝකමත් කරන්නට සැරසෙන්නේ. නමුත් ඔවුන්ගේ වෑයම එසේ මෙසේ එකක් නෙමෙයි, සිනමා පට 18ක් පුරා අප කියා පෑ කතාව තවත් දියුණු කරමින්, කතාව වෙනස් කරමින්, මෙතෙක් අලසයෙක් ලෙස තමුන්ගේ සිංහාසනයේ අරක්ගත් ඒ දැවැන්තයා නගා සිටුවීමටයි…

විශ්වයක් පුරා විසිර සිටින වීරයන් ගොන්නක් තමන්ගේ හැකියාවෙන් ලොවක් බේරා ගැනීමට තමයි සුදානම නමුත් ඔවුන් සතු හැකියාවන් වගේම ඔවුන්ගේ දැනුම වෙනත් මේ මොහොත වන විට, කෙනෙක් තමුන්ගේම කියා පවුල් ජිවිතයක් වෙනුවෙන් කාලය වෙන්කරන්නට සැරසෙනවා ඇති. තවෙකෙක් තමුන්ගේ ජීවිතය තමුන්ගේ බව වටහාගෙන තමුන්ගේ ආදරය සමග තනි වන්නට පොර කනවා ඇති… මේ සියල්ල අතරේ තමුන් ආදරය කරන මිනිසෙකු නොවුවත් මිනිසුන්ට එහා යන ගුණාත්මක ජිවිතයක් උරුම ඔහු හා තනි වෙන්නට මායාවක් හා වෙලී සිටින ඇයත් බොහොම ඇල්මෙන් පසුවනු ඇති. පෘථිවියේ තවත් කොනක තමුන්ගේ රාජධානිය වෙනුවෙන් හරි දේ කරන ඔහු ඒ රාජධානියේ විවෘත දොරගුළු තුලින් ලෝකය දෙස බලා සිටීවි…

මේ සියල්ල අතරේ විශ්වයේ ඈත කොනක දෙවියෙක් තමුන්ගේ මුළු ලෝකයම වෙනුවෙන් තමන් සතු සියල්ල පුජා කරන්නට සුදානම් වන්නේ ඒ ඔහුගේ වගකීම නිසාවෙන්… ඒ ඔහුගේ ජම්ම දායාදය නිසාවෙන්, මෙතෙක් අප සමඟින් විටෙක වෛරයේ ගිනි සිළුව රැගෙන ගිය පිරිස පවා සැබෑ සතුරා හමුවේ හරි දේ කිරීමට වෙර දරණු ඇතී… තවත් කොනක උදව් ඉල්ලා පැමිණි පණිවුඩයක් වෙනුවෙන් උදව් ලබා දෙන්න, ඔවුන් සතු දෙයක් හොරා ගන්න ගමන් ගන්නා යානයක් වීරයන් සිව්දෙනෙකුගෙන් සමන්විත බව ඔබට දැකගත හැකි වේවි…. ඒ තමයි පළමු හඳුන්වා දීම… අපේ වීරයන්ට… මේ අවස්ථාවේ ඔවුන් සිටිනා තැන…

Monsters Of Man [සින්හල හඩකැවූ]
2h 11m • 1998
මේ වන විටත් 200 කට අධික කොම්පැණි විවිධ මට්ටමේ කෘතීම බුද්ධියන් ගෙන් අනූන රොබෝලව නිර්මාණය කරනව...

Watch Now!

මෙතෙක් කලක් අලස ලෙස සිහසුන දරා හුන් ඒ මහා දැවැන්තයා ඇත්තෙන්ම විටෙක සතුරෙකු නොවේවි, ඔහු පියෙක්, මිතුරෙක් සියල්ලටම ඉහලින් තමුන්ගේ යැයි කියා ගන්නා විශ්වයක් වෙනුවෙන් සාමය, සෞභාග්‍ය ගෙන එන්නට වෙර දරන තමුන්ගේම කියා සමතුලිතතාවක් අගයන සැබවින්ම කදුලක් සැලිය හැකි, උණුවෙන හදවතක් හිමි, රත්රන් අතක් හිමි රාක්ෂයෙක්. ඔහුගේ ජිවිතය එක අරමුණක් වෙනුවෙන් කැපවුවක්. ඒ අරමුණ විශ්වයේ නිර්මාණය හා පැටලුන මැණික් ගල් පහක්… නමුත් ඔහුගේ ඒ ආසාව, ඒ සමතුලිත කම ඉදිරියේ තමුගේ පැත්තෙන් ලෝකය දකින, තමුන්ගේ පැත්තෙන් තරු අතර සැරිසරන අපට වීරයන් වන ඔහුට සතුරන් වන මිනිසුන් පිරිසක්….

දැනුමට අධිපති වූ මැණික දරා සිටින ඔහු මිනිස් උප්පතිය නොලැබු සැබෑ මිනිසෙක්, කාලය පාලනය කරන ඔහු සැබවින්ම කාලය රැක ගැනීමට වෙර දරණ ජිවකයෙක්… කොතරම් වෙනස් වීමට වෙර දරණා බව පෙන්වුවත් කිසිදා වෙනස් නොවන විජ්ජාකරයෙකු වබ ඔහු දරා සිටින විශ්වයේ මාණික්‍ය සැබවින්ම බොහොම දෙනෙකුට රහසක්…. ලොවක් රකින සම්මේලනයක් සතු බල මාණික්‍ය ඇත්තෙන්ම නෝවා සම්මේලනයේ වටිනාම වස්තුවත්, භයානකම වස්තුවත් වන්නේ ඉන්ද්‍රජාලයේ ආරක්ෂකයන් එහි උරුමක්කාරයන්, සුරකින්න ලෙස ඔවුන් තෝරාගැනීම නිසාවෙන්… යාතාර්තයේ මාණික්‍ය විශ්වයේ පුරාතනයෙකු සුරක්ෂිතයි… ඉතින් මේ තමයි විශ්වයේ සිහසුන වෙනුවෙන් පොර කන අපේ දැවැන්ත සතුරාගේ ඉලක්කයන්. ඔහු මේ මාණික්‍ය තමුන් සතු කරගත යුතුයි…. නමුත් තවමත් අප කිසිවෙන් නොදන්න, ඇය පමණක් දන්න, ඔහුද නොදන්නා මාණික්‍යයක් පවා ඔහුගේ ගමන හරස් කරන්නේ ආත්මයේ නාමයෙන්… ඉතින් ඔහුට හැකි වේවිද මේ මහා බලය තමුන් සතු කරගන්න ? එක බල කේන්ද්‍රයක් ගොඩනගා ගන්න ? මේ සියල්ල සිදුවෙන තුරු අපේ වීරයන් කුමක් කරනු ඇති ද? කොහේ සිටිනු ඇති ද? සැබවින්ම කවුරු මේ සඳහා සහභාගී වන ඇති ද? අවසානයේ කී දෙනෙකු නම් අප නිහඬ තාවයේ ගිල්වමින් මාර්වල් විශ්වයේ දුහුවිලි පිරුණ ඉතිහාසගත කොමික් පොත් අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දුහුවිල්ලක් වී යනු ඇති ද? ඉතින් මේ පැටලුන ලිපිය ලෙහා ගන්නට, ඔබට කාලය කැප කරන්නටම සිදු වෙනවා, මක් නිසාද යත් දශකයක වෙහෙස ලිපියකින් කැටිකර දක්වන්නට තරම් අප බලගතු නැති නිසාවෙන්…

IMDB මීටරයේ 8.9 ක් වගේ සුවිශාල අගයක් ලබාගෙන හොඳම 250 ඇතුලත 12 වැනි තැන වැජබෙන මේ නිර්මාණය ටෝමාටෝ මීටරයේ 84% අගයක් සොරාගන්නටත් සමත්කම් පානවා… පැය දෙකකුත් මිනිත්තු 29 ක කාලයක් පුරා විශ්වයේ සටනක් ලෙස තැනින් තැන පනිමින් මරු පහර දෙමින් කියවෙන මේ කතාව වෙනුවෙන් දින 10 වගේ සුළු කාලයක් ඇතුලත බිලියන 1.1 වගේ සුවිශාල ආධායමක් ලබා දෙන්නටත් ලොව පුරා ප්‍රේක්ෂකයන් කාරුණික වෙලා තියෙනවා. එතනින් නොනැවතී…..

මේ ලිපියේ අවසානයක් තියේ ද? විශ්වය අළුවෙන තැනවත් ඔබට බලන්නට සහනයක් නැහැ නේද, මහා වැල්වටාරම් ගොන්නක්… යන්න, යන්න මේ ඔබේ වෙලාව… සතුටු වෙන්න, අඬන්න… තුශ්නිම්භුත වෙන්න… අවසානයේ නිශ්ශබ්ද වෙන්න… වචනයක් කියා යන්න… භාරයි ඔබට මේ මහා සංග්‍රාමය….

Description crdit : BaisecopeLK



InFine Studios
Front-end Developers
අලුත් මූවී එකක් දාපු ගමන් දැනගන්න වගේම අපෙ සයිට් එකේ member කෙනෙක් වෙන්න ඔයත් කැමතිනම් අපිව +follow කරන්න
+ Follow Telegram Group


Watch Online

Download Links

H264 720P Download

720p x264 copies ( 1.6GB )

පහලින්ම ඇති කමෙන්ට් box එකක්... මේ මූවී එක ගැනයි ඊලගට ඕනෙ මූවීස් එහෙම ඒකෙ කොටාගෙන යන්න😉