Venom 1 Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] ( 1080P | 720P | 480P )

 

venom 1 poster
2018 ‧ Action/Sci-fi ‧ 2h 20m


මෙය කුඩා ළමුන් සදහා නුසුදුසු වේ!

Details

Release date: November 9, 2018 (China)
Director: Ruben Fleischer
Box office: $856.1 million
Distributed by: Sony Pictures Releasing
Story by: Jeff Pinkner; Scott Rosenberg
Production companies: Columbia Pictures; Marvel Entertainment; Tencent Pictures; Arad Productions; Matt Tolmach Productions; Pascal Pictures;

Trailer

Plot

David Michelinie වගේම Mark Bagley, Ron Lim වගේම Sam DeLarosa යන එක්කාසු වීමක් වෙලා 1993 පෙබරාවාරි කාලයේ සිට ජූලි දක්වා මුද්‍රණ අටක් යටතේ ප්‍රකාශනය වුනු Venom: Lethal Protector චිත්‍ර කතාව තමයි Venom (2018) චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මේ කාලේ තමයි වෙනම් එඩි බ්‍රෝක් එක්ක සම්බන්ධ වෙලා හිටිය කාලේ දුෂ්ටයකු කියන චරිතයෙන් මිදිලා ඇන්ටි-හීරෝ කෙනෙක් එහෙම නැත්තම් ප්‍රති-වීරයකු බවට පත් වෙන්නේ. මේකට එක් හේතුවක් වෙන්නේ ස්පයිඩි එක්ක වෙනම් එකගතාවයකට එනවා කිසිම අපරාධයක් කරන්නේ නැහැ කියලා. මේ නිසාම තමයි නිව් යෝ(ර්)ක්වල ජීවත් වුනු එඩි වෙනම්වත් අරගෙන සැන්ෆ්‍රැන්සිස්කෝ වලට යන්නේ. එහෙට ගියාම එයාට සිද්දවෙනවා ස්ක්‍රීම්, ෆේජ්, රයට්, ලෑෂර් වගේම ඇගනී එක්ක සටන් කරලා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරේ බේරගන්න කතාව තමයි මේ චිත්‍රකතාව පුරාවට ගලාගෙන යන්නේ.

Planet of the Symbiotes

1995 ජුනි සිට ඔක්තෝම්බර් කාලය දක්වා මුද්‍රණ පහකින් සමන්විතව නිකුත් වූ මේ චිත්‍රකතාපෙල නිර්මාණය වෙන්නේ David Michelinie විසින්. සිම්බියෝට් හමුදාවක් ඇවිල්ලා පෘතුවිය ආක්‍රමණය කරන්න හදද්දී වෙනම්, ස්පයිඩර් මෑන් වගේම ස්කාලට් ස්පයිඩර් එකතු වෙලා මේ අයගේ ආක්‍රමණය නවත්තන්න හදපු කතාව තමයි මේ චිත්‍රකතාව පුරාවට ගලාගෙන යන්නේ.
ඉතින් ඔන්න ඔය Venom: Lethal Protector වගේම Planet of the Symbiotes කියන චිත්‍රකතා දෙකේම පුංචි අනුසාරයකින් ඇහුව තමයි Venom (2018) චිත්‍රපටයේ වෙනම් එඩි බ්‍රෝක් හා එකතු වී අනික් සිම්බියෝට්ලාගෙන් නගරේ වගේම වෙන්න ගිය ලොකු ආක්‍රමණයක් වලක්වපු විදිහ තමයි චිත්‍රපටය හරහා පෙන්නුම් කරන්න හදලා තියෙන්නේ.
මතක විදිහට නම් සෝනි සමාගම 2016 මාර්තු 5’වැනිදා තමයි වෙනම් චිත්‍රපටයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නිල වශයෙන්ම ප්‍රේක්ෂකයන් හට දැනුම් දීමක් කලේ. ඒවීඅයි ආඩ් ප්‍රඩක්ෂන්, කොලොම්බියා පික්චර්ස් වගේම මාවල් එන්ටර්ටේන්මන්ට් සමාගමේ එකතුවෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඒ අනුව “එඩි බ්‍රෝක්” ප්‍රධාන චරිතය සදහා The Dark Knight Rises (2012), Mad Max: Fury Road (2015) වගේ අති දැවැන්ත චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ “Tom Hardy” තමයි මේ චිත්‍රපටයේත් දායක වෙලා තියෙන්නේ. හාඩි කිව්වම ඉතින් කියන්න ඕන නැහැනෙ මොන තරම් සුපිරි නළුවෙක්ද කියලා?

Venom 2 [sinhala dubbed movie]
Download sinhala dubbed movies
Venom 2 sinhala dubbed cartoon, sinhala film, sinhala dubbed venom 1, sirasa tv

Watch Now!

කොච්චර සුපිරිද කියනවනම් චිත්‍රපටයේ එඩි බ්‍රෝක් හා සම්බන්ධ වෙන වෙනම්ඩට දායකත්වය සදහාද ඉදිරිපත් වෙලා තියෙන්නේ හාඩිම තමයි. ඒ විදිහට චරිත දෙකක් එක්ක, හඩවල් දෙකකුත් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නම් නෙවෙයි.
විශේෂයෙන්ම ටොම් හාඩිට වෙනම් චිත්‍රපටයේ දායක වෙන්න අවස්ථාව ලැබුනම එයා මේ චරිතේ තෝරාගන්න ලොකුම සාධකය වෙලා තියෙන්නේ එයාගේ පුතා. හාඩි කියන විදිහට එයාගෙ පුතා අතිශය වෙනම් චරිතයට ආදරය කරන කෙනෙක්. චිත්‍රපටයේ චරිතය ලැබුනට පස්සෙත් හාඩි නොදන්න හුගක් දේවල් වලට එයාගෙ පුතාගෙන් සහය ලැබුණු බව සැන් ඩියෙගෝ කොමික් කොන් වලදී ඔහු වරක් සදහන් කලා.
මීට අමතරව “ඈන් වෙයින්ග්” චරිතය සදහා Michelle Williams නිලියද, “කාල්ටන් ඩ්‍රේක්” නම් චරිතය සදහා Riz Ahmed නම් නළුවා දායක වෙලා තියෙනවා. මීට අමතරව මේ චිත්‍රපටය පුරාවටම දකින්න ලැබෙන සෙසු චරිත සදහා Scott Haze, Reid Scott, Jenny Slate, Melora Walters, Woody Harrelson වගේ තවත් බොහොමයක් නළු/නිලි කොට්ටාශයක් මේ සදහා තමන්ගේ සේවය ඉටු කරලා තියෙනවා.

ඔයාලා දන්නවද දන්නේ නැහැ වෙනම් චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින්ම ලොව පුරා හිටිය ප්‍රේක්ෂකයින් සෝනි සමාගමට දොස් කියන්න ගත්තා ස්පයිඩි නැති, කොටින්ම ස්පයිඩිගෙ ලොගෝ එකවත් පපුවේ හෝ පිටේවත් නැති වෙනම් කෙනෙක් ගෙන්නලා මොන විකාරයක්ද කරන්න හදන්නේ කියලා. මං හිතන්නේ ඒ විදිහට අනංමනං කියපු බොහෝ දෙනෙක්ගෙ දැන් කටවල් වැහෙන තැනට මේ චිත්‍රපටය නැරඹු ආදරණිය ප්‍රේක්ෂකයන් ඔප්පු කරලා හමාරයි. ඒ මොකද කියනවනම්, ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වගේ පුංචි මුදලක් යොදලා නිර්මාණය කරපු වෙනම් චිත්‍රපටය 2018 ඔක්තෝම්බර් 4″වැනිදා පෘතුගාලයේ තිරගත වීම ආරම්භ කරලා පළමු සතිඅන්තය තුල ඇමරිකානු ඩොලර් 80+ ගණනක් හොයාගෙන මේ වෙද්දී Justice League (2017) වගේම Guardians of the Galaxy (2014) චිත්‍රපටයටවත් උඩට එන්න නොදී තමන්ගේ තැන රැකගෙන හිටිය Star Wars (1977) චිත්‍රපටයේද ආදායම් වාර්තා කඩමින් අද දිනට (2018 නොවැම්බර් 11) ඇමරිකානු ඩොලර් මිලියන 780 ක බොක්ස් ඔෆිස් අගයක් ලබා ගනිමින්,

  • එදාමෙදා තුල වැඩිම ආදායමක් ලැබූ හොදම චිත්‍රපට 100 අතරේ 84 වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. වෙනම් චිත්‍රපටයට උඩින් තියෙන Deadpool (2016), Spider-Man (2004) චිත්‍රපට වලත් ආදායම් වාර්තා වෙනම් චිත්‍රපටය තුලින් කඩා දමන්න හැකියාව ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි. 
  • එදාමෙදා තුල ලොව පුරාම තිරගත වූ සුපර් හීරෝ චිත්‍රපට දර්ශකය තුල 26’වැනි තැන ලබාගන්න වෙනම් චිත්‍රපටය හිමි කරගෙන තියෙනවා. තවමත් තිරගත වීම වෙන නිසා මේ ස්ථානය වෙනස් වෙන්න පුලුවන්. 
  •  චීනයේ මෙතෙක් වැඩිම ඉපැයීමක් කල සුපර්හීරෝ චිත්‍රපට අතරේ තෙවන තැන ලබාගන්න Venom (2018) චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. මුල් තැන හා දෙවැනි තැන පිළිවෙලින් තාමත් රැකගෙන ඉන්නේ Avengers: Age of Ultron (2015) හා Avengers: Infinity War (2018) චිත්‍රපට දෙකයි.

Description crdit : BaisecopeLK

Watch Now | Online Player



InFine Studios
Front-end Developers
අලුත් මූවී එකක් දාපු ගමන් දැනගන්න වගේම අපෙ සයිට් එකේ member කෙනෙක් වෙන්න ඔයත් කැමතිනම් අපිව +follow කරන්න
+ Follow Telegram Group


Download Links

get it on sinhala chronicles
H264 1080P,720P and 480P Download

1080p x264 copies ( 1.4GB )




720p x264 copies ( 805MB )




720p x264 copies ( 405MB )


H265 1080P, and 480P Download

පහල තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරන්න කලින් අපේ H265 ගැන තියෙන ලිපි 3ම කියවලා එන්න... නැත්නම් play කරන්න බැරිවෙයි movie එක...
Read Now!


Download indicator of venom 1 sinhala dubbed movie
1080p x265 copies ( 660Mb )



Download indicator of venom 1 sinhala dubbed movie
720p x265 copies ( 370MB )

පහලින්ම ඇති කමෙන්ට් box එකක්... මේ මූවී එක ගැනයි ඊලගට ඕනෙ මූවීස් එහෙම ඒකෙ කොටාගෙන යන්න😉