Extraction 2020 sinhala dubbed movie [720p HD] [1.2 GB]

2020 ‧ Action/Thriller ‧ 1h 56m

Extraction is a 2020 American  Sinhala Dubbed action thriller film directed by Sam Hargrave and written by Joe Russo, based on the graphic novel Ciudad by Ande Parks, Joe Russo, Anthony Russo, Fernando León González, and Eric Skillman. 

Initial release: April 24, 2020
Director: Sam Hargrave
Screenplay: Joe Russo
Language: English
Awards: People's Choice Award for Favorite Action Movie Star
Music composed by: Henry Jackman, Alex Belcher

හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු විදියට එක සැරේම මාරාන්තික වෛරසයකින් මුළු ලෝකෙම වෙලාගත්තා. ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛාවක් මේ වෙද්දි අහිමි වෙලා තියෙනවා. ඉතිං, ඒ අස්සෙ මොන චිත්රපටිද නේද? බොහෝමයක් චිත්රපටි කල් යන්න ගත්තා. මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා ඉන්දෙද්දි, සිනමා ශලා වහලා තියෙද්දි, අළුතින් ෆිල්ම් රිලීස් කරලා කාට පෙන්නන්නද නේද? හැබැයි ඉතිං, සිනමාලෝලීන් විදියට හොඳ හයි බජට් ෆිල්ම් එකක් බලන්නෙ නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ නේද? අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ වෙලාවෙ නෙට්ෆ්ලික්ස්ලා ඉදිරිපත් වෙන්නෙ. හයි බජට් ෆිල්ම් එකක් වෙනුවෙන් දත කට මැදගෙන ඉඳපු අය වෙනුවෙන් මේක ඉඩෝරයට වැටුණු දිය පොදක් නෙමෙයි, ඉඩෝරයට වැටුණු ගං වතුරක් වගේ වේවි. මේක ගොඩක් විශේෂයි. ඒ වගේම, ගොඩක් වෙනස්ම වැඩක්. ඒ ඇයි කියලා මුලින්ම බලමු.

ලාංකික සිනමා ප්රේක්ෂකය ගත්තාම කොටස් කීපයකට වෙන්කරන්න පුළුවන්. හොලිවුඩ්, ඉන්දියානු, කොරියානු, චීන&මේ විදියට ප්රධාන වශයෙන්ම කොටස් කීපයක් ඉන්නවා. මේ කොටස් අතරිනුත්, වැඩිම ප්රේක්ෂක පිරිසක් ඉන්නෙ හොලිවුඩ් සහ ඉන්දියානු කියන කැටගරි දෙකට කියන එක රහසක් නෙමෙයි. ඉතිං, කවදාහරි හිතුවද හොලිවුඩයයි, දකුණු ආසියානු රටවල් කීපයකුයි එකතු වෙලා, ජාත්යන්තර මට්ටමේ ෆිල්ම් එකක් හදාවි කියලා? කවදාහරි හිතුවද ජාත්යන්තර මට්ටමේ හොලිවුඩ් නළුවන් එක්ක, ඉන්දියානු බොලිවුඩ් නළුවන් එකම චිත්රපටයක රංගනයේ යෙදේවි කියලා? කවදාහරි හිතුවද, එදාමෙදා තුර සිනමා ඉතිහාසයේ වැඩිතම ආදායමක් හිමිකරගත් චිත්රපටයේ අධ්යක්ෂකවරුන් ඔවුන්ගෙ චිත්රපටයක් වෙනුවෙන් ආසියානු රටවල් කීපයක් තෝරගනීවි කියලා? ඔබ ඒ විදියට හිතුවා හෝ නොහිතුවා, ඒ දේ යතාර්ථයක් බවට පත්වෙලා තියෙන්නෙ මේ වෙද්දි.

චිත්රපටය සඳහා ප්රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ මාවල් සිනමා විශ්වයේ තෝර් චරිතය තුලින් ඉමහත් ජනප්රියත්වයක් හිමිකරගත් Chris Hemsworth විසින්. ලොව පුරා ඉමහත් ප්රසිද්ධියක් උසුලන රංගන ශිල්පියෙක් විදියට ඔහු ගැන අමුතුවෙන් අටුවා ටිකා සහිතව විස්තර කරන්න අවශ්ය වෙන්නෙ නෑ මං හිතන්නෙ. ඔහුව මෙම චිත්රපටය සඳහා තෝරාගන්න පෙරාතුව Arnold SchwarzeneggerසහBruce Willis යන රංගන ශිල්පීන් දෙදෙනාගේ නම් නිර්දේශ වෙලා තිබුණත්, අන්තිමේදි චිත්රපටය ගැලපෙනම, නිවැරදිම තීරණයක් විදියට Chris Hemsworth තෝරගෙන තියෙනවා.

රටවල් දෙකක මත්ද්රව්ය කෙරුම්කරුවන්ගේ යුද්ධයකට පැටළුණු, පැහැරගැනීමට ලක්වූ පාසල් ශිෂ්යෙක්

එම ශිෂ්යයා මුදවා ගැනීමට මාරාන්තික යුද්ධයක නිතරවන කුළී සොල්දාදුවෙක්

ඔවුන් පසුපස හඹා එන්නාවූ ඉන්දීය විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙකු

මේ සියල්ලන්ගේම ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද?

පුරා හෝරා දෙකක් මුළුල්ලේ නොනවතින, දැවැන්ත ක්රියාදාම සමුදායකින් සමගින් සමන්විත​ උත්කර්ශවත්  සිනමා සිත්තම

Extraction follows Mercy, a U.S. Black Ops team member and the only survivor of a botched prisoner extraction mission. To save the lives of thousands of innocent civilians, he has to catch a terrorist arms-dealer with the help of a criminal—who may have information about a pending large-scale attack