Telegram Group About Us Join Now!

H265 and H264 Explained in sinhala. What is H264 and H265 ? How to Play?




එහෙනම් පටන් ගමු...

අපි ලබාදෙන මූවීස් වල Encoding වර්ග​

මෙම වෙබ් අඩවිය මගින් උබට විවිධ Quality කිහිපයකින් මෙම කතාමාලා වගේම චිත්‍රපට ලබාගන්න පුළුවන්. ඒවා පිළිබඳ සෑම ලිපියක් අවසානයේම දැක ගැනීමට පුළුවන්.  ඒවා පහත පරිදි වේ.

01. SD / 480p ( 540p ටද ආල වේ )

මෙම වීඩියෝ පට අඩු විභේදන ( Resolution ) සහිත විඩියෝ පට වේ. මේවා AVC x264 Video Codec එක සහිත වීඩියෝ පට DVD player , USB සහය දක්වන DVD player , TV , Computer , Notebook , Laptop , Car DVD Player , Home Theater System , Smart Mobile Phone සහ ඇතැම් කුඩා Mobile Phone වලද ක්‍රීයාත්මක වේ.

02. 720p / 1080p 

මෙම විඩියෝ පට ඉතා පැහැදිලි බැවත් ඒ වගේම නවිණ අපකරනවල පමණක් ක්‍රීයාත්මක වේ. මේවා AVC x264 Video Codec එක සහිත වීඩියෝ පට USB සහය දක්වන DVD player , USB සහය දක්වන Home Theater System , Blu-ray Player , Computer , Notebook , Laptop , TV , Android TV , Smart TV සහ නවිණ Smart Mobile Phone සමගද හොඳින් ක්‍රීයාත්මක වේ. ඒ වාගේම මෙම විඩියෝ පට HEVC x265 ( 8bit / 10bit / 12bit ) ලෙසින් පවතිනවා නම්. විශේෂයෙන්ම Computer , Notebook , Laptop , Android TV , Smart TV සහ නවීණ Blu-ray Player  සමග පමණක් ක්‍රියාත්මක වේ. හොඳ කාරයක්ෂමතාවයකින් යුතු Smart Mobile Phone සමගද හොඳින් ක්‍රීයාත්මක වේ.

03. 2160p 4K HDR / UHD

මේවා ඉතාම ඉහල විබේධනයක් සහිත වීඩියෝ පට වේ.  එනම් 3840 x 2160 pixels or 4096 x 2160 pixels වේ. මේවා හොඳ කාරයක්ෂමතාවයකින් යුතු Computer , Notebook , Laptop , Blu-ray Player , Smart 4K TV  ක්‍රියාත්මක වේ.


04. AVC x264

මෙම Video Codec සහිත විඩියෝ පට DVD player , USB සහය දක්වන DVD player , TV , Computer , Notebook , Laptop , Car DVD Player , Home Theater System , Smart Mobile Phone සහ ඇතැම් කුඩා Mobile Phone වලද ක්‍රීයාත්මක වේ. HD , FHD , 4K වැනි විඩියෝ පට උසස් ගණයේ උපකිරන සමග


05. HEVC x265

මෙම Video Codec සහිත විඩියෝ පට නැරබීම සඳහා විශේෂයෙන්ම නිර්දේශ කරන්නේ Computer , Notebook , Laptop යන උපකරණයි.


Format & Codec ( Audio and Video )

Audio and Video පිළිබඳව කතා කිරීමේදී මෙහි පාරම්පරික පරිවර්තනයක් දකින්නට තිබෙයි. ඒ Audio and Video භාවිතා කිරීමත් සමග ඒවා ඉදිරි කාලවලදි නැවත ඇසීමට හෝ දැකීම අවශ්‍ය වූ විට ඒවා සුරක්ශිතව තබාගැනීමට විවිධ ක්‍රම සොයාගත් අතර ඒවා මුල්ම කාලයේ Analog ලෙසින් පැවති අතර තාක්ෂණික දියුනුවත් සමග මේවා Digital මාධ්‍ය බවට පත්විය. එහිදී මෙය කොටස් දෙකකට වෙන් කල හැක. ඒ Audio and Video ලෙසයි. මෙයද තවත් කොටස් දෙකකට වෙන් කල හැකිය. ඒ Format & Codec ලෙසයි. මෙහිදී අතීතයේ සිට මේතාක් දුරට Audio and Video භාවිතයේදී විශාල වශයෙන් Format & Codec වර්ගයන් නිර්මාණය වි තිබෙනවා. ඒ සියල්ල කතා කිරිමට මේ වගේ කුඩා ලිපියක් ප්‍රමාණවත් නොවෙයි. ඒ නිසාවෙන් වර්තමාණයේ වැඩි වශයෙන් බාවිතා වෙන Audio and Video වගේම Format & Codec පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්න තීරණය කලා.

Format


Audio and Video කියන්නේ විශාල දත්ත ප්‍රමාණයක්. ඒවා එකක් හෝ නැති වුවහොත් Audio and Video ව නිවරදිව ක්‍රියාත්මක නොවෙයි. ඒ වගේම Audio and Video වෙනත් තැනකට කොපි කිරීමේදී මෙම ගොනු මගහැරීම සිදුවිය හැකි  වේ. ඒ සඳහා තනි ගොණුවක් ලෙසින්  මෙය සැකසීමට සිදුවෙයි. එයද ඒක් එක් කාලවලදී නැවත දාවනය ( Play ) කරන උපකරන අනුව විශාල ප්‍රමාණයක් නිර්මාණය විය. ඒවා  Audio and Video සඳහා වෙන වෙනම නිර්මාණය විය. ඒවා Format එකක් ලෙස හැඳින්විය හැකි වේ. ඒවා වෙන වෙනම පහත පරිදි වෙයි. මෙහිදි මැත කාලයේදී භාවිතා වන ඒවා පමණක් මෙහි සඳහන් කර ඇත. ඒ ඉතා විශාල ප්‍රමාණයක් ඇති බැවිනි. අවශ්‍යම දේ පමනක් සඳහන් කර ඇත. මෙය හොදින් හදුනාගත හැකි වේ. Audio and Video ගොණුවේ අවසානයේ File Extension ( .mp3 .mp4 .mkv ) ලෙස තියෙන්නේ මෙයයි.  සමහර Audio පිටතින් දකින්නට නොලැබෙන නමුත් ( AAC AC-3 ) ඒවා Video ගොණුව තුලදී දකින්නට ලැබෙයි.


Codec

Codec යනු Audio and Video ගොනු හකුලන ක්‍රමවේදයයි. ( Compress ) එය යම්කිසි අනුපිළිවෙලකට සිදුකරයි. ඒ ආකාරය මත විවිධ ක්‍රම හා නම් වලින් හඳුන්වනු ලබයි. මෙම Codec යොදාගනු ලබන්නේ විවිධ පටිගත කිරීමේ උපකරන සහ දාවන උපකරන සඳහා වේ. Audio and Video ප්‍රමාණය ඉතා ඉහල ධාරිතාවයකින් පවතියි. එය ප්‍රවාහනය ( පටිකත කල යන්ත්‍රයේ සිට නැවත සැකසීම් කිරිමට හෝ වෙත් අයතනයකට හෝ ලබාගැනීම / ලබාදීම ), නැවත සැකසිම ( සිනමා පටයක් රූගත කිරීමෙන් අනතුරුව ඒවා සන්ස්කරනය කිරිමට හැකි ආරයට පැවතීම ) , බෙදා හැරිම් මාද්‍ය යන හේතූන් මත විවිධ ලෙස කාලෙන් කාලයට මෙම Codec යොදාගැනීමට සිදු විය සහ නිර්මාණය විය. මෙහිදි වැදගත්ම කාරනා දෙකක් වෙයි. ඒ ගොනුවේ ප්‍රමාණය හා ගුණාත්මක භාවයයි. මේ දෙකම රැකගනිමින් මෙම ගොණු පරිවර්තනය සිදුකල යුතු වේ. මේ සඳහා Audio and Video ගොණු හැකිලිම් ක්‍රම නිර්මාණය විය.

උදාරනයක් ලෙස සිනමා පටයක් වෙළඳ පොළට මුදාහැරිමේදි එය නැරඹීමට පාරිබෝගිකයා යොදාගන්නේ DVD Player යන්ත්‍රයක් නම් මෙම සිනමාපටය DVD Disc එකක් තුල ඉහත කි පරිදි ගොනුවේ ප්‍රමාණය හා ගුණාත්ම එකලෙසින්ම රැකගනිමින් DVD Disc එක තුල Save කිරිම සිදු කිරිමට සිදුවෙයි. ඒ වගේම එම සිනමාපටය DVD Player යන්ත්‍රයෙහි ධාවනය වියයුතුවෙයි. මේ සියල්ලම හේතුකොටගෙන මේ ආකාරයට සිනමාපටය සැකසීම සිදු කරයි. ඒ Video ගොණුව H.262 ( x262 ) / MPEG-2 Part 2 හෝ MPEG-1 Part 2  ලෙසින්ද Audio ගොණුව MPEG-2 Audio Layer 2 හෝ MPEG-2 Audio Layer 2 ලෙසින් Codec එක සැකසෙයි.

ඒ ආකාරයට විවිධ වූ Codec ගණනාවක් වන අතර ඒවා Video සඳහාද  දක්නට ලැබෙයි.  ඒවා පහත පරිදි වේ.

Video Codecs

  • MPEG-1 Part 2 ( H.261 / x261 ) – ( For CD –Video / .dat )
  • MPEG-2 Part 2 ( H.262 / x262 ) – ( For DVD –Video / .vob )
  • MPEG-4 Part 2 ( H.263 / x263 ) – ( For Xvid / Divx / .avi .divx )
  • MPEG-4 AVC ( H.264 / x264 ) – ( For AVC / .mp4 .mkv )
  • MPEG-H HEVC ( H.265 / x265 ) – ( For HEVC / .mp4 . m4v .mkv )
  • MPEG-I VVC ( H.266 / x266 ) – ( For VVC / .mp4 . m4v .mkv )
  • MPEG-5 EVC – ( For EVC / .mp4 . m4v .mkv )
  • MPEG-5 LCEVC – ( Add-on Codec )

මේ ආකාරයට Audio & Video වල වැදගත්ම ගුණාංග ඉහතින් සඳහන් කර ඇති අතර මේවායේ වැදගත්ම කරුණු පටණක් මෙහි සඳහන් කොට ඇති අතර මේවායේ සංකීර්ණ විශාල කරුණු ප්‍රමාණයක් ඇත. මේ අතරින් ව්රතමානයේ වැදගත්ම කාරනා දෙක් ලෙස ගත් විට Audio Codec වල E-AC-3 යන්න වැදගත්වේ. ඒ මෙහි උපරිම Audio channel ප්‍රමාණය 15 ක් විමයි. ( 14.1 ) ඒ වගේම Bitrate එකත් ඉතා ඉහල ඇති අතර ඒ නිසාවෙන් ඉතා සයුම් ශබ්දයන් පවා මෙහි හොදින් ඇසිය හැකි වේ. Video දෙසින් බැලූ විට HEVC x265 Codec එක වැදගත් තැනක් හිමිවි ඇත. මෙහි කැපි පෙනෙන කාරනය වන්නේ ඉතා අඩු Bitrate එකක් යොදාගෙන ඉතා ඉහල අධි විභේදන දර්ශන ( HD – High Definition ) හොඳින් නිර්මාණය කලහැකි වීමයි. මෙය AVC x264 Codec එකට වඩා ඉතා ලොකු හැකිලිමේ (Compress ) ක්‍රියාවලියක් වේ. ඒ වගේම මෙම විඩියෝ පිටපත් නැරබිමට ඉතා කාරයක්ෂමතාවයකින් යුතු පරිගනක හෝ ධාවන යන්ත්‍ර තිබිය යුතු වේ. ඒ වගේම AVC x264 ට වඩා වැඩි කාලවේලාවක් HEVC x265 Encode එකක් සඳහා වැයවේ.

මෙහි ඇති වෙනස් කම් පැහැදිලි කිරිම සඳහා මම Avengers Endgame 2019 සිනමාපටයේ Trailer එකක් යොදාගනිමින් විවිධ සැකසුම් වලට අනුව x264 VS x265 Video Encode එකක් කලා. මෙහිදි මම යොදාගත් පිටපතේ ගුණාත්මක බාවය කිවයුතුමයි. 2160p 4K UHD 60FPS පිටපත තමයි ගත්තේ. මෙහි සම්පූර්ණ කාලවේලාව විනාඩි 2 ක් සහ තත්පර 34 ක් වේ. මෙහි විනාඩි 2 යි තත්පර 5 හේ දි ලබාගත් Image එකක් එකක් තමා මම මේ සංසන්ඳනය කරන්නේ. මෙම වීඩියෝ පිටපතේ ප්‍රමාණය 282MB වෙයි. පහතින් එම තෝරාගත් Image එක දැකගන්න පුළුවන්.



පහතින් මම සංසන්ඳනය කිරිම් 4 ක් කර ඇති අතර එහි Image 3 බැගින් ඇත. එහි අඩින්ම ඇත්තේ මේ ඉහතින් ඇති මූලාස්‍ර පිටපතේ ( Source ) Image එකයි. ඒ වගේම දෙවන Image AVC x264 Encode එකේ වන අතරම අවසානම Image එක වන්නේ HEVC x265 Encode එකේ වේ. මෙම Image මත Encoding සැකසුම්වල තොරතුරුද පහතට වෙන්නට සටහන්කොට තිබේ. 4 වන සැසඳිමේදි මම AVC x264 Encode සඳහා ලබාදුන්නාට වඩා ඉතා අඩු Bitrate එකක් HEVC x265 Encode සඳහා ලබාදි ඇත. මෙහි හොදින් බලන්න සුපැහැදිලි තාවයන් හා එක් එක් Codec වල ඇති සුවිශේෂි තාවයන්.



මෙහිදි බලන්න Encoding එකේදි ලබාදී ඇති Bitrate සහ Encoding එකෙන් ලැබි ඇති ගොණුවේ ගුණාත්මකභාවය හා එහි ප්‍රමාණය. එකම Encoding Settings ලබා දුන්නත් AVC x264 ගොණුවට වඩා HEVC x265 ගොණුවේ හොද පැහැදිලි තාවයක් රැකගැනීමට හැකිවී ඇති බව. මෙහි HEVC x265 ගොනුව 8bit වලින් පවතී. AVC x264 එසේමයි.👇👇👇👇


මෙහිදී එකම Encoding Settings ලබාදුන්නත් පෙර රූප සටහනට වඩා මෙහි සුළු වෙනස්කම් ඇත. ඒ Bitrate එක 700 සිට 500 දක්වා අඩු කිරීමත් HEVC x265 සඳහා Bit depth එක 10bit යොදා ගැනිමත් වේ. AVC x264 Encoding එක තවත් අපැහිදිලි වූ අතර HEVC x265 Encoding එකෙහි ගුණාත්මකභාවයට කිසිඳු හානියක් සිදුවී නොමැත.👇👇👇



මෙහිදී එකම Encoding Settings ලබාදුන්නත් පෙර රූප සටහනට වඩා මෙහි සුළු වෙනස්කම් ඇත. ඒ Bitrate එක 500 සිට 300 දක්වා අඩු කිරීමත් HEVC x265 සඳහා Bit depth එක 12bit යොදා ගැනිමත් වේ. AVC x264 Encoding එක තවත් අපැහිදිලි වූ අතර HEVC x265 Encoding එකෙහි ගුණාත්මකභාවයට කිසිඳු හානියක් සිදුවී නොමැත.👇👇👇



මෙහිදී Encoding Settings පෙර රූප සටහනට වඩා මෙහි සුළු වෙනස්කම් ඇත. ඒ Bitrate එක AVC x264 හි 700 ද HEVC x265 300 දක්වා වෙනස් කිරීමත් HEVC x265 සඳහා Bit depth එක 12bit යොදා ගැනිමත් වේ. AVC x264 Encoding එක සඳහා ඉහල Bitrate අගයක් ලබා දීම හා HEVC x265 Encoding සඳහා අඩු  Bitrate අගයක් ලබාදී තිබුනත් AVC x264  ට වඩා HEVC x265 ඉතා සුපැහැදිලිව පවතියි. ඒ වගේම HEVC x265 ගොණුවේ ප්‍රමාණයද ඉතා අඩු කරගැනීමට හැකි වී ඇත. මෙය විවිද වීඩියෝ පිටපත්වලට වෙනස් විය හැකිය. නමුත් මෙම Codec දෙකෙහි වෙනස එසේම පවතියි.


හරි summery එකක් විදිහට මේක බලන්නකෝ...

ඔයා xH265 movie එකක් download කරගත්තොත් ඒක Size එකෙන් අඩුයි හැබැයි quality එකෙන් වැඩී
හැබැයි xH265  වීඩියෝ හැම device එකකම play කරන්න බෑ.
සාමාන්‍යෙන් computer වල හා Android 5.1 න් ඉහල mobile phone වල තමයි මේව play කරන්න පුලුවන්...
❌ දුක්වෙන්න එපා කොහොමද මේක ඔයාගෙ device එකෙත් play කරන්නෙ කියල බලන්න මේ ලින්ක් එකෙන් 👉 Link


ඊලගට අපි එන්නෙ xH264 වලට. සාමාන්‍යෙන් xH264 විදිහට encode කරපු ෆිල්ම් හැම device එකෙකම play වෙනවා.ඉතින් ඒක ගැටලුවක් නෑ. නමුත් ඔයාගෙ Device එකත් xH265 play කරන්න පුලුවන් තත්වයේ තියෙනව නම් අපි recommend කරන්නෙ xH265 වලින් movie එක download කරගන්න කියල​...

මොකද උදාහ​රනයක් විදිහට,
1080P xH264 movie එකක් 1.6GB නම්
1080P xH265  movie එකක් 770Mb ක් විතරයි වෙන්නෙ...
(කොලිටිය වෙනස් වෙන්නෙත් නෑ)

Read also (මේවත් කියවන්න. වැදගත් වෙයි )👇👇👇



Ideas Images and data from : tmvlk
Read Article 2
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.