Frozen 1 (2013) sinhala dubbed | හිම කුමරිය​ | සිංහල හඩකැවූ | Full movie

2013 ‧ Family/Musical ‧ 1h 42m

 

අවධානයට!
මේ චිත්‍රපටයේ සිංහල හඩකැවූ දෙවන කොටස ( Frozen 2 ) බැලුවෙ නැත්නම් 👉 මෙතනින් 🔗👈 ගිහින් බලන්න


Details

Release date: October 3, 2021 (China)
Directors: Raymond S. Persi, David Silverman
Music by: Michael Giacchino; Mick Giacchino;
Produced by: Joel Cohen; John Frink; Rob LaZebnik; Joe Aguilar; Matthew Berkowitz; Yanming Jiang
Production companies: China Lion; HB Wink Animation; Huayi Brothers; Tolerable Entertainment; Cinesite; Timeless Films
Distributed by: Netflix, Huayi Brothers

Trailer




Plot

මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ කතාව ඇසුරින් 2013 දි මේ කතාව ලියලා තියෙන්නේ Jennifer Lee විසිනුයි. එයා Wreck-It Ralph (2012) කියන සිනමාපටයටත් දායක වෙච්ච කෙනෙක්. එයා මේකේ අධ්‍යක්ෂනයටත් සහභාගී වෙලා තියනවා. තනියම නම් නෙමේ, Pocahontas (1995), The Little Mermaid (1989) යන කාටුන් සහ Surfs Up (2007) කියන ත්‍රිමාන සජීවිකරණ සිනමා පට අධ්‍යක්ෂණය කල Chris Buck සමගින් එකතුවෙලා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2013 නොවැම්බර් මාසේ 27 වෙනිදා ඇමෙරිකාවේදි නිකුත්කළ මෙහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ඇස්තමේන්තුගත මුදලක් වැයවෙලා තියනවා. ඒ වගේම 2013 වසර අවසන් වෙනකොට වැඩිම ආදායමක් උපයපු සිනමාපට අතරින් හත්වන තැන දිනාගත්තේ ඩොලර් මිලියන 256ක Box office වාර්තාවක් සමගිනුයි.

තව කියනවනම් ඉතින් 71 වන ගෝල්ඩන් ග්ලෝබල් සිනමා සම්මාන උළෙලට නාම යෝජනා ලබාගන්න සමත් වෙලා තියනවා. ඒ තමයි හොදම නැවුම් ගීතය ලෙසට “Let It Go නම් ගීතයත්. හොදම පරිගණක සජිවිකරණයට හිමි සම්මානය දිනාගැන්මටත්. ඒ සදහා කරට කර තරග කරුවන් දෙන්නෙක් ඉන්නවා. The Croods සහ Despicable Me 2 යන සුපිරි සජිවිකරණයන් ද්විත්වය. තරගකරුවන් තිදෙනාගෙන් imdb හි වැඩිම අගයක් වාර්තා කරගැන්මට සමත් වෙලා තියෙන්නේ නම් ඉතින් මේ සිනමාපටය තමයි. ඒ 2013 වසරේ සජීවිකරණ සිනමාපටයක් වාර්තා කල වැඩිම අගය වූ 8.1 ක් වැනි ඉහළතම අගයක්. මේ සිනමා සිත්තම තවත් සම්මාන 31ක් සදනා නිර්දේශ වී ඉන් සම්මාන 16ක් දිනාගැනීමටත් සමත් වෙලා තියනවා. කොහොම උනත් ඩිස්නි සිනමා පටයකට වසර 6කින් හොදම සජිවිකරණයට හිමි ගෝල්ඩන් ග්ලෝබල් සම්මානය හිමිවෙලා නැහැ. පික්සර් හමුවේ හැම වතාවකදීම පසු බහින්න වෙලා තියනවා. ඒත් මේ වතාවේ පික්සර් අඟියෝගය එල්ලවෙලා නැතිවුනත් Despicable Me 2 වෙතින් ඊට නොදෙවෙනි අඟියෝගයක් එල්ලවෙලා තියනවා. ඔයාලා කලින් බලලා තියනවානම්Tangled (2010) සිනමාපටයේ නිමවුම් කරුවන්ම තමයි මේකටත් දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මේකත් 86 වැනි ඔස්කා සම්මාන උළෙලේදී හොදම සජිවිකරණය ලෙසින් සම්මාන ලබාවි කියලා මම හිතනවා.

පඳුර වටේ තැලුව ඇති නේද. 😉 දැන් කතාව දිහාවට හැරෙමු එහෙනම්. අහ් තව දෙයක් තියනවා මේකේ ආදායම ඩොලර් මිලියන 640ක් පමණ වන අතර. එය මෙතෙක් ලොවපුරා වැඩිම ආදායම් ලද සිනමාපට අතර 72 වන ස්ථානය දිනාගන්නට සමත් වෙලා තියනවා, තවම මේක ලොව පුරා තිරගතවන බැවින් ඉදිරියේදී මෙහි ස්ථානය තවත් ඉහලයාවී.

කතාව මෙහෙමයි ඇනා සහ එල්සා කියන්නේ ඇරන්ඩල්හි කුමාරිකාවන් දෙන්නා. ඒ දෙන්නට මායා බලයන් තියනවා ඇනා කියන්නේ ඒ දෙන්නගෙන් හුරතල්ම කෙනා එයා තවම හරි පොඩියි එයා එයාගේ මායා බලය පාවිචි කරන හැටි දන්නේ නැහැ තවම. ඒත් අක්කා දන්නවා. එයාට පුළුවන් හිම වැස්සක් වස්සවන්න අයිස් මවන්න. දවසක් මේ දෙන්නා ඒ විදියට සෙල්ලම් කරමින් ඉන්නකොට වැරදීමකින් එල්සාගේ මායා බලය ඇනාට බලපානවා. එතැනදී මුළු කතාවම වෙනස් වෙනවා. ඇනාගේ ජීවිතය වෙනස් වෙනවා. එල්සා තනිවෙනවා. රජු සහ රැජිණිය මිය යනවා. අරන්ඩල් වලට නැව රැජින ලෙසින් එක දිනකදී එල්සා අභිෂේක ලබනවා. මුළු මහත් රාජධානියම අනතුරකට බදුන් වෙනවා ඇනා තමන්ගේ තනිකම නැති කරගැන්මට සත්‍ය ප්‍රේමයක් හොයනවා පිවිතුරුය. පියකරුය. බිහිසුනය පළමු පෙම කියන්නහේ ඇනාටත් එලෙසින්ම වෙනවා අන්තිමේදී ඇනාගේ ජීවිතය බේරගන්න සත්‍ය ආදරයක් අවශ්‍ය වෙනවා. රාජධානිය අනතුරින් බේරගන්න හරිම අපුරු යාළුවො තුන්දෙනෙක් මුණගැහෙනවා. ක්‍රිස්ටෝෆ් කියලා අයිස් වෙලදාම් කරන කොලු ගැටයෙක් සහ එයාගේ යාලුවා බල්ලෙක් වගේ හැසිරෙන හිම මුවා “ස්වෙන්” සමගින් හරි අපුරුතම මිතුරා, සිනමාපටයේ සිත් ඇදගන්නාම චරිතය හිම බබා “ඔලොෆ්”

ඔයා මොන වයසක හිටියත් කමක් නැහැ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම බලන්න. මේ කතාව ඔයාලට අපුරුතම විනෝදයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මට විස්වාසයි.

Anna sets out on a journey with an iceman, Kristoff, and his reindeer, Sven, in order to find her sister, Elsa, who has the power to convert any object or person into ice.

Watch Online | Online Player 👇

අවධානයට!
මේ චිත්‍රපටයේ සිංහල හඩකැවූ දෙවන කොටස ( Frozen 2 ) බැලුවෙ නැත්නම් 👉 මෙතනින් 🔗👈 ගිහින් බලන්න

Links










Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න