අතත්‍ය ලොවක යතාර්ථය - Dragon Quest: Your Story Sinhala Dubbed
Details
Trailer
Plot
This is a sinhala dubbed animation movie. Download other cartoon movies also from our site.Dragon Quest your Story නම් ඇනිමේෂන් සිනමාපටය නිර්මාණය වෙන්නෙ DRAGON QUEST වීඩියෝ ගේම් මාලාවේ Dragon quest 5 ඇසුරින්. Fantasy/Adventure ලේබලය යටතේ නිපදවෙන මෙම චිත්‍රපටිය 2019 ජූලි 16 තමයි තිරගත වෙන්නෙ. ජපන් භාෂා සිනමාපටයක් ලෙස නිර්මාණය වෙන මෙම සිනමාපටය උපයා ඇති ආදායම ජපන් මුදලින් බිලියන 1.42ක් මෙන්ම ඩොලර්වලින්නම් මිලියන 13ක් ලෙස තමයි අන්තර්ජාලයේ සනිටුහන් වෙන්නෙ.
අපේ කාලයට බොහොම පෙර,
දිව්‍යමය සෙනෙතියන්වරු සිය ශක්තිය මෙහෙයවා
දුෂ්ට නිම්සෝව නඩිරියාවේ සිරගත කළා,
නමුත් මේ ජයග්‍රහණය සදහා
විශාල ජීවිත ගණනක් බිලි වූවා.
යළි දුෂ්ටයෙකු පැමිණ මේ
අදුරු ලෝකයේ ද්වාරයන් විවර කළහොත්,
එය වසා දැමීමට ඇති එකම මග
ශුද්ධමය බලයක් ගැබ් වූ අසිපතක් පමණි.
ශුද්ධ වූ අසිපත අතදැරිය යුත්තෙ
සෙනෙතියන් වංශයෙන් පැවත එන
දිව්‍යමය වීරවරයා විසිනි.
කතාවට අනුව සෙනෙතියන්වරු කියන්නෙ දිව්‍යමය බලයක් සහිත පිරිසක්, ඉතින් කතාවේ ප්‍රධාන චරිතය වෙන ලූකා කියන්නෙ සෙනෙතියන් ලේ ඇති මවකටදාව උපන් දරුවෙක්. නඩිරියාව නම් අදුරු ලෝකයේ සිර කර සිටින නිම්සෝව මුදාගැනීමේ අදිටනින් යක්‍ෂයින් විසින් ලූකාගෙ මවව පැහැරගෙන යනවා. ඊට කාලෙකට පස්සෙ ලූකාට තමන්ගෙ පියාවත් අහිමි වෙනවා වගේම යක්‍ෂයින්ගෙ වහලෙක් බවට පත්වීමට සිද්ධ වෙනවා. වසර 10ක්ම යක්ෂයන්ගෙ වහලෙක් ලෙස සිටි ලූකා තමන්ගෙ මිතුරා සමග එතැනින් පැන ඇවිත් දුෂ්ට බලවේගවලට විරුද්ධව සටන් කළ හැකි දිව්‍යමය වීරවරයා සෙවීමේ ගවේෂණය, සිය මව මුදාගැනීමේ ගවේෂණය ආරම්භ කරනවා.
ඉතින් මේ ගවේෂණය කරගෙන යන අතරේ ලූකාට පැරණි මිතුරන් සේම හතුරන්ද යළි හමුවෙනවා වගේම නොසිතූ දේවල්වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම යතාර්ථය සහ අතත්‍ය අතර පටලැවිල්ලකටද මූණ පෑමට සිද්ධ වෙනවා. එහෙමනම් ලූකාට අන්ධකාරය විනාශ කොට සිය අරමුණු සාක්‍ෂාත් කරගැන්මට හැකිවේදැයි ඔබම නරඹා දැනගන්න.
අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...
Description crdit : baiscopelk.com
Watch Online | Online Player
Front-end Developers
අලුත් මූවී එකක් දාපු ගමන් දැනගන්න වගේම අපෙ සයිට් එකේ member කෙනෙක් වෙන්න ඔයත් කැමතිනම් අපිව +follow කරන්න
Download Links

H264 1080P,720P and 480P Download
H265 720P Copies
පහල තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරන්න කලින් අපේ H265 ගැන තියෙන ලිපි 3ම කියවලා එන්න... නැත්නම් play කරන්න බැරිවෙයි movie එක...
Read Now!
අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...😏