Paddington 2 sinhala dubbed [ සිංහල හඩකැවූ ] - 527Mb

 

2017 ‧ Family/Adventure ‧ 1h 44m


Details

Release date: November 10, 2017 (United Kingdom)
Director: Paul King
Music by: Dario Marianelli
Box office: $228 million
Cinematography: Erik Wilson
Distributed by: StudioCanal, StudioCanal UK

Trailer




Plot

Paddington takes up a job to accumulate enough money to buy the perfect gift for his aunt on her 100th birthday, but it gets stolen.

ඉතිනේ මෙදා සැරේත් මේ පුංචි වලස් පැටියා ගේ චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ Michael Bond ගේ නොමියන චරිතයක් වනPaddington Bear කතා මාලාවෙන්. එතුමා 2017 මිය යනවා චිත්රපටය නිකුත් වෙන්නත් කලින්, ඉතින් මේ සලරුව එතුමාගේ මතකය වෙනුවෙන් තමයි තිලින වෙන්නේ. මේක ටිකක් විශේෂ කතාවක්, IMDB මීටරයේ 8.1 ක් වගේ ඉහල අගයක් ලබාගන්න මේ බ්රිතාන්ය චිත්රපටය සමත් වුනා වුනත් එකේ වාර්තාව එකතු වෙන්නේ IMDB පැත්තෙන් නෙමෙයි, විචාරකයන්ගේ Rotten Tomatoes අඩවියෙන් ඒ 100% හැටියට. නමුත් ඒ අගයත් විශේෂ වෙන්නේ විචාරක පැසසුම 100% ලබාගන්න මේ සලරුවට විචාර 191 ලැබිලා තියනවා ඒ ඔක්කොම ;Fresh හැටියට තමයි ලැබිලා තියෙන්නේ. මෙහෙම චිත්රපට ලෝකයේ බොහොම අඩුයි. ඒ 100% ලාබාගත්ත අනික් අපි අහලා තියන චිත්රපට වෙන්නේ Citizen Kane, Toy Story, Toy Story 4, The 400 Blows, 12 Angry Men වගේ අද සිනමා ලෝකයේ ලකුණක් තියාගිය චිත්රපට නමුත් ඒ සියල්ලටම වඩා වැඩි විචාර ප්;රමාණයක් ඇතුව 100% මට්ටමක් රදවාගෙන තියන එකම චිත්රපටය වෙන්නේ Paddington 2 ඉතින් නරක වෙන්න හැටියක් නැහැ නෙව.

මෙවරත් අධ්යක්ෂණය Paul King මහත්තයා අතින්. තිරයේ දකින මුහුණු වෙන්නේ Hugh Bonneville, Sally Hawkins, Peter Capaldi වගේම මේ වතාවේ අලුතෙන් එක්කාසු වෙන Hugh Grant හා Brendan Gleeson තමයි ප්රධාන චරිත නිරුපනය කරන්නේ. පැඩින්ටන් හැටියට කටහඬ එක්කාසු කරන්නේ Ben Whishaw කලින් වගේම තමයි. Animation, Adventure, Comedy, Family, Fantasy කියන කාණ්ඩ තමයි මේ පැය 1 මිනිත්තු 43 ක් පුරා දිවෙන චාමත්කාරජනක චිත්රපටය අයත් වෙන්නේ.

එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මුකෝ. කලින් කතාව වුනේ ඈත පේරු රාජ්ය ඉදලා පොඩි වලස් පැටියෙක් එනවා එංගලන්තය වෙත අලුත් ගෙයක් හොයාගෙන. මේ වලස් පැටියා අවසානයේ නතර වෙන්න බ්රවුන් පවුලේ සාමාජිකයෙක් වෙලා. එකපාර නම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මේ පුංචි වලස් පැටියාට බොහොම දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, නමුත් මිනිස්සුන්ගේ තියන කරුණාව, මනුස්සකම කියන ඒ හොඳ ගතිගුණ ලෝකයට කියාපාන හරිම ලස්සන බොහොම බ්;රිතාන්ය පන්නයේ චිත්රපටයක් වුන ඒ කතාව බලන්න වෙලාවක් යොදාගන්න ඔබට පාඩුවක් නම් වෙන්න නැහැ සහතිකයි. හැබැයි ඒ කතාව බැලුවේ නැහැ කියලා ලොකු අඩුපාඩුවක් නැහැ දෙවැනි කතාව බලන්න

මෙදා සැරේ පැඩින්ටන්ගේ වික්රමය ගෙතිලා තියෙන්නේ නිදානයක් වටේ, හැබැයි ඉතින් මේ පුංචි අහිංසකයා හොයාගෙන ගිය නිදානයක් නැහැ. එයාට ඕන කරන්නේ ලන්ඩන් නගරයේ ලස්සන රූප තියන pop-up book එකක් නැත්නම් චංචල රූ පොතක් පේරු රාජ්ය ඉන්න තමුන්ගේ ලූසී නැන්දා වෙත යවන්න. ඔය පොතේ තියනවා නිදානයක් හොයාගන්න ඉගිවගයක් පැඩින්ටන් මේක ගන්න සල්ලි එකතු කරන්න රස්සාවක් පවා හොයා ගන්නවා හැබැයි මේ නිදානය ගැන දන්නා හොරෙන් කෙටි මාර්ගයක් යොදාගෙන පොත තමුන් සතු කරගන්නවා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් පැඩින්ටන් හිරේ විලංගුවේ වැටෙන්න පවා වැඩ සිද්ධ කරනවා. ඉතින් කතාව ගෙතිලා තියෙන්නේ පැඩින්ටන් හිරේ යහළුවන් එකතු කරගන්නා හැටි, බ්රවුන් පවුල හා එක්කාසු වෙලා තමුන්ගේ නම බේරා ගන්න හදන හැටි වගේම, නියම හොරා දැලේ දාගන්න හැටි කියන සිදුවීම් සතුදාය කරුණු කොට ගෙනඒ දේවල් කොහොමද සිද්ධ වෙන්න කියලා ඔබට බලාගන්න පුළුවන් එහෙනම්

අවසාන වශයෙන් ආයේ කියන්න ඕන මේක 2017 වසරේ සිනමා නිර්මාණවලින් මම දැක්ක බොහොම අගේ ඇති කතාවක්, හැම මොහොතකම මුහුණේ සිනහවක් ඇති කරන්න මේ ආදරබර කතාව සමත්කම් පානවා විතරක් නෙමෙයි ඒ එකක්ම ලස්සන පණිවුඩයක් සමාජයට ගෙන්න මේ කතාව වෙර දරනවා හැබැයි මේ ඔක්කොම අරගෙන එන්නේ ලස්සන අභිරහසක්එ හැටියට. ඔබ ඇනිමේෂන්හෙ රසිකයෙක්න නම්ම්, හොඳ හාස්යෝත්පාදක කතාවක් බලන්න කැමති කෙනෙක් නම් මෙය ඔබට අගේ ඇති සලරුවක් වේවි.

ඉහත විස්තරය Sinhala Subtitle – බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙනි.

Watch Online | Online Player 👇

Download Links

360p copies ( 527Mb )







Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න