Hugo (2011) [ සින්හල හඩකැවූ ] Sinhala dubbed | පුංචි වැඩකාරයා
Details
Release date: November 23, 2011 (USA)
Director: Martin Scorsese
Adapted from: The Invention of Hugo Cabret
Music by: Howard Shore
Box office: $185.8 million
Awards: Academy Award for Best Production Design, MORE
Trailer
Plot
මට හිතුනා මේ මුළු ලෝකෙම එකම ලොකු යන්ත්රයක් කියලා. ඔයා දන්නවද? යන්ත්ර කවදාවත් වැඩිපුර කෑලි එක්ක එන්නේ නෑ. ඒවා හැම වෙලාවේම එන්නේ ඒකට නියමිත වුන කොටස් ප්රමාණයක් එක්ක විතරයි. ඉතින් මේ මුළු ලෝකෙම එකම ලොකු යන්ත්රයක් නම්මම මේ ලෝකෙට අමතර කෑල්ලක් වෙන්න බැහැ
මේහියුගෝ චිත්රපටියේ එක දෙබසක් විතරයි.. ඔස්කාර් සම්මාන එකොළහකට නිර්දේශවී ඉන් 5ක්ම දිනාගත් හියුගෝ චිත්රපටිය ළමයකු වටා ගෙතුණු අපුරු කතාවක්.. මෙය ජෝර්ජස් මෙලියස් නම් ප්රංශ චිත්රපට නිෂ්පාදකයාගේ ජීවිතය මෙහි තේමාව බවට පත්ව තියෙනවා.. ඔහු චිත්රපට ඉතිහාසයේ එන සැබෑ චරිතයකි.7.5imdb අගයක් ගත් මෙම චිත්රපටය විශේෂ වන්නේ එහි ඇති රූප වගේම බාවිතා කර ඇති සංගීතය ඉතාමත් විශිෂ්ට නිසයි. මෙය සත්ය සිදුවීමක් ආශ්රයෙන් බ්රයන් සෙල්ස්නික් විසින් රචිත The Invention of Hugo Cabret කෘතිය ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
හියුගෝ කියන්නේ තමන්ගේ ජීවිතය සොයායන පුංචි කොලු ගැටයෙක්. එයා විස්වාස කරනවා එයාගේ තාත්තා මිය යන්න කලින් එයාට රහස් පණිවිඩයක් ලබා දෙනවා කියලා.. කතාව අන්තිමට මේ රහස ඔය ගොල්ලොත් දැන ගනීවි.. මේ රහස හොයන්න හියුගෝට උදව් කරන්නේ එයාට ඉන්න එකම යාලුවා ඉසබෙලා.. මුළු කතාවම ගෙවෙන්නේ දුම්රිය නැවතුම් පොලක් තුල.. ඔය ගොල්ලන්ට සමහරවිට පුදුමත් හිතෙයි කොහොමද මෙවැනි සරල තේමාවක් රැගත් චිත්රපටියක් මෙවැනි පෙරළියක් සිදුකරන්නේ කියලා.. ඒකම තමයි මේ චිත්රපටියේ විශේෂත්වය...
කතාව තුල සිටින අනිත් ප්රධාන චරිත තමයි ජෝජර්ස් තාත්තා, ජේන් අම්මා සහ දුම්රිය ආරක්ෂක නිළධාරියා.. තවත් විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි මේ චිත්රපටියෙන් අපිට පෙන්නන්නේ 1930 ගණන්වල සිදුවීමක්, මේ කාලය අපි දැන් ගෙවන ඩිජිටල් තාක්ෂණ යුගය වගේ නෙමේ.. ගල් අගුරු දුම්රිය.. වයින් කරන ඔරලෝසු තමයි මෙකල තිබුන තාක්ෂණය.. ඉතින් මේ තාක්ෂණය තුලින් තමයි මේ කතාවත් ගලාගෙන යන්නේ..
මම ඔය ගොල්ලන්ට මේ ලිපියෙන් චිත්රපටිය ගැන මුකුත්ම කිව්වේ නැත්තේ එහි තියෙන රසය ඔයාලා බලලාම විඳගන්න එක වඩාත් වැදගත් නිසයි. මම සහතික වෙනවා මේ චිත්රපටය බලන්න ඔයාලා යොදවන පැය දෙකක කාලය කවදාවත් අපතේ ගියා කියලනම් ඔයාලට හිතෙන එකක් නැහැ කියලා.. මොකද මේක මගේ ඇසට නම් අග්රගන්ය නිමවුමක්
Hugo is a young orphan who loves pottering around with the station clocks and whose most treasured possession is his late father's automaton. His mission is to find a key that will get it working.
Links
480P
1080P
Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න