Passport (2024) - Sinhala Movie

 


යූරෝ සිහිනයේ අතරමං වූ තාරුණ්‍යයේ කතාවක්

මෙරට සිනමා තිරයෙන් දැකගත හැකි, නවතම ලාංකීය සිනමාපටයක් තමයි පාස්පෝට් (Passport) නමින් හැඳින්වෙන්නේ. විශාල පරිශ්‍රමයක් දරමින් රටවල් හතරක් පුරාවට රූපගත කිරීම් කළ මෙම සිනමාපටයේ කතා තේමාවේ සිටම නැවුම් ආරක අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට ළඟා කරවීමටයි නිර්මාණකරුවන් උත්සාහ දරා තිබෙන්නේ. පාස්පෝට් (Passport) චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ක්‍රිස් ඇන්තනි විසිනුයි. මෙරට සිටින තරුණ සිනමාකරුවෙකු වන ඔහු මීට පෙර “බාඳුරා” නමින් දිගු – වෘතාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කළත්, එය තවම තිරගත වුනේ නැහැ. පාස්පෝට් ක්‍රිස් ඇන්තනිගේ දෙවන අධ්‍යක්ෂණයයි. ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස් සමඟින් නයනතාරා වික්‍රමාරච්චි “පාස්පෝට්” සිනමාපටයෙ හි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ජගත් චමිල – ධර්මප්‍රිය ඩයස් විසින් රඟපාන්නේ අමරේ සහ සමන් නැමැති මිතුරන් දෙදෙනාගේ භූමිකායි. අමරේගේ පෙම්වතිය වන නීලාගේ චරිතය රඟ දක්වන්නේ නයනතාරායි.

ජීවිතය ජය ගන්නටත්, තමන්ගේ ආශාවන් සඵල කරගැනීමටත් තරුණයින් බොහෝ දෙනෙක් විදෙස් රටකට යෑමට සිහින දකිනවා. ඇතැමුන් නීතිවිරෝධී මාර්ග ඔස්සේ පවා විදේශයකට යෑමට පෙළඹෙන්නේ තම ජීවිතය පවා නොතකමින්. මෙවැනි නීතිවිරෝධී අන්දමට රටින් පලා යෑමට උත්සාහ දරන ඇතැම් පිරිසකගේ ජීවිත නොසිතූ අන්දමට කණපිට පෙරළෙනවා. පාස්පෝට් සිනමාපටය ගෙතෙන්නේ ත් එවැනි නීතිවිරෝධී ක්‍රමයකින් මෙරටින් පැන යාමට උත්සාහ දරන මිතුරන් දෙදෙනෙකු වටායි.

අමරේ සහ සමන් කඳුකරයේ ජීවත් වන තරුණ මිතුරන් දෙදෙනෙක්. තමන් සිහින දකින ජීවිතය සැබෑවක් කරගන්නට ලංකාව තුළ ඉඩක් නොමැති බව වටහා ගන්නා ඔවුන් දෙදෙනා මෙරටින් යුරෝපා රටකට යෑමට උත්සාහ දරනවා. ඔවුන් උත්සාහ දරන කිසිදු ක්‍රමයක් සාර්ථක නොවූ නිසා, හොර ඒජන්සියක් මාර්ගයෙන් හෝ මෙරටින් පලා යන්නටයි මිතුරන් දෙදෙනා අවසානයේදී තීරණය කරන්නේ. තම යුරෝපා සිහිනය වෙනුවෙන් ගිනි පොළියට ණයක් පවා ලබා ගන්නා මේ මිතුරන් දෙදෙනා හොර රහසින්ම බෝට්ටුවෙන් ඉතාලිය හරහා යුරෝපයට පැන යාමට සැලසුම් කරනවා. නමුත් ගමන මැදදි ඔවුන්ට හමුවන මැණික් ජාවාරම්කරුවෙකු නිසා මිතුරන් දෙදෙනාගේ සම්පූර්ණ සැලැස්මම වෙනස් වන අතර යුරෝපාකරය වෙනුවට මහා කාන්තාරයක් මැද ඔවුන්ගේ සිහින සියල්ලම බොඳව යනවා…

ඔවුන්ගේ සිහින සැලසුම වැරදී යන්නේ ඇයි? කිසිවෙකුත් නොදන්නා කාන්තාර රාජ්‍යයකට ඔවුන් කොටුවෙන්නේ කාගේ වරදකින්ද? ඔවුන්ගේ මෙම ගමන අතරතුර මුහුණ දෙන්නට සිදු වූ නොසිතූ දුෂ්කරතා මොනවාද? අමරේගේ පෙම්වතිය නීලාට කුමක් සිදුවෙයිද?
මේ පිළිබඳව දැනගන්නට නම් ඔබට “පාස්පෝට් (Passport)” සිනමා නිර්මාණය නරඹන්නටම සිදු වනවා.

Download - 1080P HD

මෙම චිත්‍රපටය අපගේ ටෙලිග්‍රෑම් සමූහයෙන් පමණක්ම ලබාගත හැකි සීමා සහිත චිත්‍රපටයකි 👇

telegram
Passport Sinhala Movie.mp4 - Telegram 2.8GB