Telegram Group About Us Join Now!

DC League of Super-Pets [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed

DC League of Super-Pets is a hilarious and heartwarming adventure that will have you cheering for your furry friends!

2022 ‧ Adventure/Action ‧ 1h 45m

 

When Pets Become Super Heroes


Trailer

Info

Release date: July 29, 2022 (USA)
Director: Jared Stern
Box office: 207.6 million USD
Awards: Bandung Film Festival for Imported Film, Kids' Choice Awards for Favorite Male Voice from an Animated Movie
Nominations: Blimp Award for Favorite Animated Movie, MORE
Art directors: Ryan L. Carlson, Kristen Anderson
Budget: 90 million USD

Sinhala Description

සුපිරි වීරයන්ව නම් හැමෝම අඳුරනවානෙ. අපි DC කොමික් ගැන කතා කරද්දි සුපර් මෑන්, බැට් මෑන්, ‍ෆ්ලෑෂ්, ඇක්වා මෑන් එතකොට ග්‍රීන් ලැන්ටර්න් එහෙම ප්‍රධාන වශයෙන් මතක් කරන්න පුලුවන්. ඔව් ඔව් තව කන්දරාවක්ම ඉන්නවා තමයි, කියන්න ගියොත් ලිපිය ගොඩක් දික් වෙන නිසා මෙතනින් නවත්තමු. ‍😅 හරි ඉතින්, මෙයාලා Justice League එහෙම නැත්නම් යුක්තියේ ලීගය කියන කණ්ඩායමේ සාමාජිකයන්. ඔයාලා ජස්ටිස් ලීග් ගැන නොදන්නව නම් අපි උපසිරැසි දීලා තියෙන කතා මාලා සහ චිත්‍රපටි බලලා දැනගන්න පුලුවන්.

ඉතින් අපි දැනගෙන හිටිය තරමින් අපේ ජස්ටිස් ලීග් සාමාජිකයො කාටවත් සුරතල් සතුන් නැහැනෙ. හැබැයි අපි මෙච්චර කල් හිතාගෙන හිටිය විදිහ වැරදියි කියලා මේ චිත්‍රපටය බලද්දි දැනගන්න පුලුවන්. කොමික් ඉතිහාසය දිහා විපරම් කරලා බැලුවොත් මේ සුපිරි සුරතලුන් කණ්ඩායම Legion of Super-Pets විදිහට තමයි හඳුන්වල තියෙන්නෙ. 1962 වසරෙ පෙබරවාරිවල නිකුත් වුණ Adventure Comics #293 කියන කලාපයෙන් තමයි Legion of Super-Pets මුල් වතාවට අපිට හඳුන්වලා දෙන්නෙ. ඒ කණ්ඩායම පදනම් කරගෙන තමයි League of Super-Pets හැදිල තියෙන්නෙ. සාමාජික සුරතල් සත්ව සාමාජිකයන්ගෙ යම් යම් වෙනස් කම් එහෙමත් සිද්ධ වෙලා තියෙනවා මේක මේ චිත්‍රපටයට එද්දි. ඒ අඩු වැඩිවීම් හෝ සමානකම් ගැන කතා කරන්නෙ නම් නැහැ වැඩි අදාළත්වයක් නැති නිසා. විකිපීඩියා එකේ Legion of Super-Pets පිටුවෙන් ඒ කණ්ඩායමේ හිටිය සාමාජිකයන් ගැන දැනගන්න පුලුවන්.

හොඳයි අපි මේ චිත්‍රපටයේ කතාව ගැන පොඩි අවධානයක් දෙමුකො. කතාව පටන්ගන්නේ ක්‍රිප්ටෝන් ලෝකය විනාශ වෙන්න යන නිසා පුංචි සුපර් මෑන් බබාව එයාගේ අම්මයි තාත්තයි කුඩා යානයකට දාන තැනින්. මේ සිද්ධිය අපි හැමෝම වගේ දන්න සිද්ධියක් හැබැයි අපි නොදන්න දේ දැනගන්න පටන්ගන්නෙ මෙතනින්. 😁 ක්‍රිප්ටෝ කියන්නෙ එයාලගේ පවුලේ හුරතල් බලු පැටියා. මේ බලු පැටියාත් කොහොමින් කොහොම හරි මේ කුඩා යානය ඇතුළට පැනගන්නවා. ඉතින් අපි දන්නවානෙ අවදානයේ මේ දෙන්නා කඩා වැටෙන්නෙ කොහෙටද කියලා, පෘතුවියට තමයි. ඉතින් කැල්-එල් නොහොත් සුපර් මෑන්ට වගේම ක්‍රිප්ටො නොහොත් සුපර් ඩෝග්ටත් සූර්යාගේ බලපෑම මත සාමාන්‍ය ඉක්මවූ බලයන් හිමි වෙනවා.

කැල් එල්ගෙ හොඳම යාළුවා වෙන්නෙ ක්‍රිප්ටෝ. ක්‍රිප්ටෝගේ හොඳම යාළුවා වෙන්නෙ කැල් එල්. ඔහොම කාලයක් දෙන්නා සතුටින් ඉන්නවා. හැබැයි තරුණ වයසට එද්දි අපෙ සුපර් මෑන්ට ලොයිස් ලේන් කියන එයාගේ සැබෑ ආදරය මුණගැහෙනවා. ඔන්න ඔතනදි තමා කතාවෙ හැරවුම් ලක්ශය වෙන්නෙ. ක්‍රිප්ටෝ‍ට මේක අවුල්. මොකද ක්‍රිප්ටෝ හිතාගෙන ඉන්නෙ සුපර්මෑන්ගේ ආද‍රය සහ සැලකිල්ල ලබන්න ඕණ එකම කෙනා තමන් විතරයි කියලා. අනික ක්‍රිප්ටෝ කියන්නෙ යාළුවො නැති කෙනෙක්. ඒකට හේතුව එයාගේ තියෙන අහංකාරකම. ඉතින් ලොයිස් කැල් එල්ට ‍යෝජනා කරනවා ක්‍රිප්ටෝටත් අලුත් යාළු‍වෙක් හොයලා දෙමුයි කියලා. දැන් ඉඳලා ඉතින් අරගල සහ ආරවුල් තමයි ඉතින්.

Related Posts

ලොකුම ආරවුල මේක නෙමෙයි. හුරතල් සතුන් විකුණන සාප්පුවක වෙන‍ දේයි… අහලා තියෙනවද සුපර් මෑන්ගේ පරම සතුරා ලෙක්ස් ලූතර් ගැන? වැඩේ කියන්නෙ මේ මිනිහා සහ මෙයාගේ සුරතලා කියාගන්න සතාත් මේ අරවුලටත් හවුල්. League of Super-Pets නොහොත් සුපිරි සුරතලුන්ගේ ලීගය කියන කණ්ඩායමේ එකතු වීමත් මේ චිත්‍රපටයෙන් දැකබලාගන්න පුලුවන්.

ලිපිය දිරවන්නෙ නෑ වගේද? එහෙනම් කොයිකටත් ට්‍රේලර් එක බලලා ඉන්න. මොකද මගේ ලිපිය නිසා මේ කතාව මග අරින්නෙ අපරාධෙ. ලස්සන කතාවක් මේකෙ අන්තර්ගතයි වගේම හොඳට හිනා වෙලා විනෝදෙන් බලන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේ කතාවට හඬ නළුවන් විදිහට සම්බන්ධ වෙන්නෙත් එසේ මෙසේ කට්ටියක් නෙමෙයි, ආයෙ ඉතින් මේ කාලයේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිහින් ඉන්න නළු නිළි තරු කැලක්.

මෙහි අධ්‍යයක්ෂණය Jared Stern සහ Sam Levine විසින් සිදු කර ඇති අතර Jared Stern සහ John Whittington කතාවේ රචනයෙන් හවුල් වී තිබෙනවා Dwayne Johnson, Kevin Harty, Kate McKinnon, Keanu Reeves සහ John Krasinski හඬකැවීම් දායකත්වය සපයනවා. කිව්වනෙ ලේසි පහසු කාස්ට් එකක් නෙමෙයි ඉන්නෙ. 😉

ඉතින් බලන්නකො සුපර් මෑන් සහ සුපර් ඩෝග් අතරට ආපු ලොයිස් ලේන් නිසා මොකක් වෙයිද? සුරතල් සත්ව සාප්පුවේ මොකක්ද වෙන දේ? ලෙක්ස් ලූතර් සහ එයාගේ හුරතලා කියලා කියාගන්න සතා කොහොමද මේ අවුලට සම්බන්ධ වෙන්නේ? League of Super-Pets කණ්ඩායමේ එකතු වීම කොහොම සිද්ධ වෙයිද? කියලා පවුලේ හැමෝම එකතු වෙලා රස විඳින්න.

Sinhala Description Credit : baisecopelk

English Description

When the Justice League is kidnapped by a supervillain guinea pig, Krypto the Super-Dog must assemble a team of shelter pets with superpowers to save the day. With the help of Ace the Bat-Hound, PB the Pig, Merton the Turtle, and Chip the Squirrel, Krypto must learn to work together as a team and harness their unique abilities to defeat the bad guys.

DC League of Super-Pets is a hilarious and heartwarming film that will have audiences cheering for their furry friends. The voice cast is top-notch, with Dwayne Johnson, Kevin Hart, Kate McKinnon, John Krasinski, and Vanessa Bayer all giving standout performances. The animation is also stunning, with vibrant colors and detailed character designs.

Whether you're a fan of superheroes or just love animals, DC League of Super-Pets is a must-see film for the whole family. It's a fun, heartwarming, and action-packed adventure that will leave you laughing and smiling from ear to ear.

Watch Online

720P HD
1080P HD

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

get it on sinhala chronicles

1080P | 1.8GB

Super-Pets.mp4 - Cloud 1.8GB
Super-Pets.mp4 - Telegram 1.8GB

720P | 998MB

Super-Pets.mp4 - Cloud 998MBB
Super-Pets.mp4 - Telegram 998MB

Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න



About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න​
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.