The House with a Clock in Its Walls [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed Film

 

2018 ‧ Fantasy/Comedy ‧ 1h 45m

The House with a Clock in Its Walls sinhala dubbed full movie


Trailer

Info

Release date: September 21, 2018 (USA)
Director: Eli Roth
Producers: Eric Kripke, James Vanderbilt, Brad Fischer, Laeta Kalogridis
Budget: 42 million USD
Box office: 131.5 million USD
Story by: John Bellairs

Description

මේ හරිම අපුරු සිනමාපටයත් හැරී පොටර් ජාතියේ මායාවන් සම්බන්ධව ගෙතුණු කතාවක් අඩංගු සිනමාපටයක්. මේකට පාදක වෙන්නේ මේ නමින්ම 1973 වසරේදී John Bellairs විසින් රචනා කරන ලද කෘතියක්.මේ කෘතියේ තවත් කොටස් කිහිපයක්ම තියෙනව. ලුවිස් බානවෙල්ට් නවකතා මාලාව කියල තමයි ඒ කතා පෙළ හඳුන්වන්නෙ.

imdb 6.2ක අගයක් ලැබුන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Cabin Fever(2002), Hostel (2005), The Green Inferno (2013), Death Wish (2018) වගේ සිනමාපට සදහා දායක වුණ Eli Roth. මිනිහගේ පලවෙනි PG13 එහෙම නැත්නම් පවුලේ සැමට වැඩේ වගේම පලවෙනි ගොතික් ෆිල්ම් එක වෙන්නෙත් මේක කියල තමයි imdb එකේ සදහන් වෙන්නේ. නළු නිලියන් ලෙස Jack Black, Cate Blanchett, Owen Vaccaro, Kyle MacLachlan,Renée Elise Goldsberry, Lorenza Izzo. කුණු තක්කාලි අඩවියෙන් 66%ක අගයකුත්, ගුගල් පරිශීලකයින්ගෙන් 86%ක කැමැත්තකුත් මේ සඳහා ලැබෙනකොට බොක්ස් ඔෆිස් සාර්ථක වෙමින් මිලියන 42ක් වියදම් කරවමින් ඩොලර් මිලියන 130ක පමණ ආදායමක් ලබනවා. නමුත් දිගුවක් ලෙස ඉදිරියට තව ෆිල්ම් ඒදැයි දැන්ම කියන්න කල් වැඩියි මම හිතන්නේ. එහෙනම් කතාව දිහාවට හැරෙමු.

ලුවිස් බානවෙල්ට් කියන්නේ තමන්ගේ අම්ම තාත්ත දෙන්නම අහිමිවෙච්ච කුඩා දරුවෙක්. මේ දරුවාගේ මාමා එහෙමත් නැත්නම් අම්මගේ සහෝදරයා, ලුවිස්ට දවසක් බස් ටිකට් එකක් එවනව ලියමනක් එක්ක. දැන් ඔයාගේ පවුලේ කවුරුත් නැති නිසා මාමා වෙන මම ඔයාව බලාගන්නම් එන්න අපිත් එක්ක ජිවත් වෙන්න කියල. ඉතිං මේ ලියමන අනුව ලුවිස් එනවා ඇවිල්ල බලනකොට තමන්ගේ මාමා ජිවත් වෙන්නේ හොල්මන් මන්දිරයක් වගේ ලොකුම ලොකු ගෙදරක. ගේ ඇතුලට ගිහින් බලනකොට ගේ පුරාම තියෙන්නේ අමුතු ජාතියේ බඩු, ඒ විතරක් නම් මදැයි ගේ පුරාම ඔරලෝසු පිරිලා. එකම එක නීතියයි තියෙන්නේ මේ ගෙදර. ඒ තමා එක විශේෂ කබඩ් එකක් ලඟට යන්නවත් එපා කියන එක.. මේක ඇවිල්ල කබඩ් එකක් ඇරියම වෙනම ලෝකයකට යන ජාතියේ එකක් නම් නෙමේ, නානියා වගේ. වෙනම ජාතියක හරි අපුරු කතාවක්. ඉතිං මොකක්ද මේ වෙන්න යන්නේ පුංචි ලුවිස්ට? ” කතාව බලන එක ඔයාලට බාරයි එහෙනම්.

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

720P | 449MB

House.mp4 - Telegram 449MB
House.mp4 - Cloud 449MB

#sinhala dubbed movies #sinhala Movie #sinhala films #Tad the lost explorer sinhala