Dosthara Honda Hitha - දොස්තර හොඳ හිත​ - Jathika Rupavahini

 



දොස්තර හොඳ හිත | Dosthara Hoda Hitha | ජාතික රූපවාහිනී

——————-

" එක දොස්තර කෙනෙක් හිටිය අසාමාන්‍ය හැකියාවන් ඇති එයාට සත්තුත් එක්ක
කතාකරන්න පුලුවන් Dr. ඩූලිට්ල් කොච්චර ප්‍රසිද්ධ
වුණාද කියනවනම් එංගලතයේ මහ රැජිනත්
ඔහුට කතා කලා ඔහුගේ උසස් සේවය වෙනුවෙන්
ඇය ඔහුට අලංකාර
අභයභූමියක් තෑගි දුන්නා
සෑම සතෙක් වෙනුවෙන්ම
ඔහුගේ දොර විවෘත වුණා "

Dr. Dolittle කියන චරිතය අද ඊයේ නිර්මාණය වුන චරිතයක් නෙමෙයි , එම චරිතය ඉස්සෙල්ලා ලෝකෙට පෙන්නුම් වුනේ 1920 The Story of Doctor Dolittle කියන පොතකින්. මෙම චරිතයේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට සතුන්ගේ භාෂාව තේරුම් ගන්න අපහසුයි .ඩොක්ටර් ඩුලිට්ල්, එහෙමත් නැත්නම් අපේ විදියට දොස්තර හොඳ හිත කියන චරිතය ගැන ආයේ ආයේ අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ අපේ අයට. සිනමාව රුපවාහිනිය එක්ක හිටිය අපේ අය මේ දොස්තර හොඳ හිත ගැන හොඳටම දන්නව. අපි විතරක් නෙමෙයි මුළු ලෝකයම හොඳට දන්නා චරිතයක් තමයි මේ සත්තු එක්ක කතා කරන දොස්තර.