Miss Peregrine's Home for Peculiar Children [ සිංහල හඩකැවූ ] - කාල චක්‍රය
Trailer
Details
Initial release: August 8, 2019
Director: Kevin Johnson
Box office: 13.8 million USD
Music composed by: Jessica Weiss
Producers: John H. Williams, Danielle Sterling
Production companies: WV Enterprises, 3QU Media, MORE
A young boy named Jake discovers a house full of children with supernatural powers run by Miss Peregrine. Soon, he must help protect their home from terrifying enemies called Hollowgasts.
© Description credit : WikipediaDescription
චිත්‍රපටයේ ඉංග්‍රීසි නම නම් ටිකක් දිගයි නේද? කතාවත් පැය දෙකක් විතර යනවා. හැබැයි ඇත්තටම හරිම ලස්සනයි. මේ චිත්‍රපටයේ මුල් තිරගත වීම උනේ සැප්තැම්බර් 29 වෙනිදා ඉන්දුනීසියාවේ. චිත්‍රපටයේ IMDb අගය 7ක් වෙනවා. මේක නිෂ්පාදන කරලා තියෙන්නේ 20 වෙනි සියවසේ නරියා. ඒ කියන්නේ 20th Century Fox සමාගම අධ්‍යක්‍ෂණය කලේ Tim Burton කියල කෙනෙක්.
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො. මේ කතාව ගෙතිලා තියෙන්නේ ජේක් (Asa Butterfield) කියන පිරිමි ළමයෙක් වටෙයි. ජේක් ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒ කියන්නේ 2016 අවුරුද්දේ. ජේක් ව කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. එයාගෙ සීයා ඒබ් (Terence Stamp) තරුණ කාලේ ජීවත් වෙලා තියෙන්නේ වේල්ස් වල පිහිටපු පුංචි දූපතක. මේ දූපතේ තියන විශේෂත්වය තමයි අරුම පුදුම ළමයින් වෙනුවෙන් එහෙ පවත්වාගෙන යන ළමා නිවාසය. ළමා නිවාසය බලා ගන්නේ පෙරග්‍රයින් නෝනා (Eva Green) කියල කෙනෙක්. මේ ළමා නිවාසයේ ඉන්න ළමයි සාමාන්‍ය ළමයින්ට වඩා ගොඩක් වෙනස්. සරලවම කියනවා නම් ඒ ළමයින්ට පුදුමාකාර බලයන් තියනවා. ඒ වගේම එයාල කවදාවත් වයසට යන්නේ නෑ. හැමදාම ජීවත් වෙන්නේ එකම දවසක. දවස ඉවර උනාම ආපහු ඒ දවසම ආපහු උදා වෙනවා. උදා වෙනවා නෙමෙයි ඇත්තටම බලෙන් උදා කරවනවා. ඒක නිසා එයාලා හැමදාම ජීවත් වෙන්නේ 1943 සැප්තැම්බර් 2 කියන දවසෙයි.
ජේක් ගෙ සීයා ජේක් පොඩි කාලේ මේ ළමයින් ගැන එයාට කතන්දර වගේ කියලා දෙනවා. සීයා ඉතිං ඒ අය එක්ක ජීවත් වෙලා තියනවනේ. ජේක් ගෙ සීයාටත් බලයක් තියෙනවා. ඒ තමයි අනිත් අයට නොපෙනෙන යක්කු එයාට පේන එක. යක්කු පේන සීයා යකෙක් ගහලා මැරුණට පස්සේ ඒ බලය උරුම වෙන්නේ ජේක් ට. ජේක් පොඩි කාලේ අහපු කතන්දර විශ්වාස කරලා කාලය අතරින් අර දූපතේ තියන ළමා නිවාසයට ගිහිල්ලා අනිත් ළමයින් එක්ක එකතු වෙලා යක්කු එක්ක සටන් කරන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
කතාව ඕනවට වඩා කිව්වම ගතියක් නැති නිසා ඔන්න ඔයාල හැමෝටම බලන්න ආරාධනා කරනවා. මුලින්ම කිව්වා වගේ මේක නම් සුපිරි කතාවක්.
© Description credit : baiscopelk . comDownload Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න