Bee Movie - මීමැසි නිවාඩුව​ 2007 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed

 

2007 ‧ Comedy/Family ‧ 1h 31m



Trailer

Details

Release date: November 2, 2007 (USA)
Directors: Simon J. Smith, Steve Hickner
Box office: 293.5 million USD
Budget: 150 million USD
Nominations: Critics' Choice Movie Award for Best Animated Feature, MORE
Screenplay: Jerry Seinfeld, Simon J. Smith, Steve Hickner, Barry Marder, Spike Feresten, Andy Robin

Barry B Benson, a bee who has just completed his graduation, decides to sue humans after he learns about the exploitation of bees at the hands of mankind.

© Description credit : Wikipedia

Description

මී-මැස්සෝ වදයක් බඳින්න මොන තරම් මහන්සි වෙනවද? මිනිස්සු මී-මැස්සන්ගේ ඒ මහන්සිය උපක්‍රමශීලීව ලබා ගෙන ඒවායින් ප්‍රයෝජන ලබනවා. ඉතිං මේ ගැන මී-මැස්සෝ දන්නේ නෑ! ඒ අයට දවස පුරා වැඩ අපිට වගේ ඕප-දූප කතාකරන්න වෙලාවක් නෑනේ එතකොට. බැරිවෙලාවත් මීමැස්සෝ මේ ගැන දැන ගත්තොත්; හ්ම්… එක්කෙනෙක් ඒක දැනගන්නවා. ඉතිං එයා මේ අසාධාරණේට විරුද්ධව සටන් කරනවා. ඒ තමයි බැරී! එයාට මේකට උදව් කරන්නේ වැනීසා. එයානම් මනුස්ස දුවක්. ලෝකයේ ප්‍රථම වතාවට මී-මැස්සන් තමයි මේ නඩුවේ පැමිණිලි පක්ෂය වෙන්නේ!

අපි ඒ විදිහට මී-මැස්සන්ගේ මහන්සිය උදුරා ගන්නවා තමයී. ඒ වුණත් හැබැයි ලෝකයේ පැවැත්මට සොබාදහමේ නීතියට අනුවයි ඒ හැමදෙයක්ම සිද්ද වෙන්නේ. ඒ කියන්නේ මී-මැස්සන්ගේ වැඩ ලෝකයේ පැවැත්ම තහවුරු කරන්න දායක වෙනවා කියන එකයි. ඉතිං මේ රටාව මෙන්න මේ සිදුවීමත් සමග වෙනස් වෙනවා. කාට හරි හිතෙන්නැද්ද ලෝකයේ අවුරුදු මිලියන ගාණක් පුරා පවතින සොබාදහමේ ක්‍රියාපිළිවෙළ වෙනස් වුනොත් මොකද වෙන්නේ කියලා? හරියටම හරි ලෝකයේ පැවැත්ම ඇණහිටිනවා, කාලෙකින් නැත්තටම නැතිවෙලා යනවා. මෙතෙන්දිත් ඒ දේ වෙන්න යනවා. හැබැයි බැරී සහ වැනීසාටත් දහස්ගණන් මී-මැස්සන්ටත් පිංසිද්ද වෙන්න ඒ විනාශය වළක්වා ගන්න හැකි වෙනවා!

මේක පුංචිත්තන්ට හදපු කතාවක්. ඒ වුණත් ඉතිං අනිත් අයත් මේක නොබලා ඉන්න එපා! මොකද සොබාදහමේ රටාව ගැන වගේම ඒ රටාව ආරක්ෂා කරගෙන ලෝකයේ ලස්සන විඳගන්න හැටිත් මේ කතාවෙන් අපට කියලා දෙන නිසා.

මේ සලරුවේ අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ Simon J. Smith සහ Steve Hickner විසිනුයි. ඔයාලා සමහරවිට මේ කතාව බලලා ඇති. එයාලත් කැමතිනම් ආයෙත් උපසිරස එක්ක බලන්න කියලා ආරාධනා කරනවා. නොබලපු අය අනිවාරෙන් බලන්න ඕන ඇනිමේෂන් එකක් තමයි මේක. මේක 2007 නොවැම්බර් 2වනිදා නිකුත් වුණු එකක්. දැන් කතාව පැත්තට හැරෙමු.

කථාවේ ප්‍රධාන චරිතය තමයි බැරී බී බෙන්සන්. මී මැස්සො ගැන මිනිස්සු හිතනවා ඔවුන්ට පියාඹන්න බැහැ. ඔවුන්ගෙ පියාපත් ගොඩක් පොඩියි, ඇඟ කුඩායි කියලා. නමුත් මී මැස්සො ඒවා ගණන් ගන්නෙ නැහැ. මී මැස්සො ඔවුන්ගේ රාජකාරිය කරගෙන යනවා. දන්නවද මී මැස්සෙන්ගෙ රාජකාරිය මොකක්ද කියලා? ඒ තමයි මී පැණි සෑදීම සහ පරාගණය කිරීම. මේ කථාවේ පෙන්නන හැටියටනම් ඔවුන් ඒක කරන්නෙ නව තාක්ෂණික ක්‍රම යනුව යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් 🙂 මොවුන් මේ විශාල කාර්ය කරන්නෙ වැඩ බෙදාගෙන. හැමදාම මේ කාර්ය ඔවුන් කරන්න ඕනේ. මී මැසි නීතියක් තමයි මිනිස්සුන්ට කතා නොකළ යුතුයි කියන එක මහ වැස්සේ පියෑඹිය නොහැකියි කියන එක… එතනින් කතාව නවත්තලා වෙන සිද්ධියක් කියන්නම්. මිනිස්සු මී පැණි විකුණගෙන කනවානෙ. ඉතින් මී මැස්සො ඒක ගැන දන්නෙ නැහැ. මේ හැම දේකටම බැරී ලොකු පෙරළියක් කරනවා… මොනවා වෙයිද?

මී මැස්සො මිනිස්සු එක්ක කතා කරයිද? මී පැණි මිනිස්සු ගන්නවා කියලා මී මැස්සො දැනගනීද? දැනගත්තොත් මොනවා වෙයිද? ඇත්තටම පරාගණය සිදු වියම යුතු දෙයක්ද එහෙනම් එය නැති වුණොත් මොනවා වෙයිද?
මම හිතනවා ලිපිය තේරෙන්න ඇති කියලා. ලිපි ලියන්න නම් වැඩි හැකියාවක් නැහැ. ඒ ගැන සමාවෙන්න ඕනේ.
ගොඩක් ලස්සන කතාවක් තමයි මේක. මේක බලලා ලොකු පොඩි කාටත් මී මැස්සො ගැන ඔවුන්ගෙ වටිනාකම ගැන ලොකු පාඩමක් ඉගෙන ගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම ලොව පුරා එක් මී මැස්සෝ නිවාඩු ගත්තොත් මොනවා වෙයිද කියලා දැනගන්න පුළුවන් වේවි…

© Description credit : baiscopelk . com

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක​... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

720P | 845MB
Bee Movie.mp4 845MB
Bee Movie Telegram Download.mp4 845MB
Thor: Tales of Asgard sinhala dubbed movie, Thor: Tales of Asgard sinhala cartoon, sinhala dubbed movies, sinhala cartoon, Thor: Tales of Asgard sinhala movie, Thor: Tales of Asgard in sinhala full HD, Thor: Tales of Asgard movie sinhala download, sinhala dubbed Thor: Tales of Asgard watch online HD, Thor: Tales of Asgard movie 1080P download free