ටිකක් වෙනස්....

 



මේක ඇවිල්ල lateral thinking ප්‍රශ්නයක්. 

මම මේ ප්‍රශ්නෙ උපුටා ගත්තේ "Sri Lanka Engineering News" Feb 2010 කලාපයෙන්. (Institution of Engineers - Sri Lanka (IESL) මගින් මාසිකව නිකුත් කරන පුවත්පතකි.) ඕකෙ තියෙනව පොඩි පොඩි වගේම ලොකු ලොකු ප්‍රෙහෙලිකා. මේකත් එහෙම එකක්.

හුඟක් අය මේක දන්නව, නමුත් මේකට දෙන්න පුළුවන් පිළිතුරු කිහිපයක් තියෙනව, ටිකක් වෙනස් විදිහට, ඒ කිව්වෙ Out of the Box හිතුවම ගොඩක් පිළිතුරු දෙන්න පුළුවන් එකම ප්‍රශ්නෙට. 

ප්‍රශ්නෙ මේකයි. (ප්‍රශ්නෙට මම චූටි වෙනස්කමක් කළා. :) ) 

දඩයක්කාරයෙක් දඩයමේ යනකොට දකිනව ගහක අත්තක කුරුල්ලො දෙන්නෙක් ලැගල ඉන්නව. දඩයක්කාරයා මේ එක කුරුල්ලෙක්ව බිමදාගන්නව. (තේරෙනවනෙ, ඒ කිව්වෙ මරනව.)

දැන් අත්ත උඩ තව කුරුල්ලෝ කීයක් ඉතුරුද? 

ඉතුරු ගාන විතරක් නෙමෙයි, ඒකට හේතුත් මම බලාපොරොත්තු වෙනව. නිර්මාණාත්මක පිළිතුරක් හිතල බලන්නකෝ.

ඉතින් ඔයා හිතනව ඇති මේ මොන මොන්ටිසෝරි ප්‍රශ්නයක්ද කියලා. හොදට හිතුවොත් ඔයාගෙ බුද්ධියත් අවධි කරගන්න පුලුවන් වෙයි. 
ඉතින් ඔයාට ගැලපෙන පිළිතුරක් මතක් වුනොත් පහලින්ම ඇති කමෙන්ට් බොක්ස් එකක් ඒකෙ ඔයාගෙ පිළිතුරත් දාගෙන යන්න​. අපි බලමු කාටද නිර්මාණශීලීම පිළිතුර තියෙන්නෙ කියල