Shrek 2 (2004) [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed Full Movie
Details
Release date: May 19, 2004 (USA)
Directors: Conrad Vernon, Andrew Adamson, Kelly Asbury
Featured song: Accidentally in Love
Story by: Andrew Adamson
Adapted from: Shrek!
Distributed by: DreamWorks Pictures, Paramount Pictures Studios, Universal Pictures, FilmFlex, Bontonfilm A.S.
Trailer
Plot
මෙහෙමයි කථාව පටන් ගන්නෙ. පොතේ හැටියට ෆියෝනා කුමරියව කුළුණෙන් බේරගන්න තියෙන්නෙ චාමිං කුමාරයාට. හරි ඉතින් චාමිං කුමාරයා ඔක්කොම බාධක පරාද කරගෙන කුළුණට නැග්ගයි කියමුකෝ. ඊට පස්සෙ කුමරිය ඉන්න කාමරයටත් ගියයි කියමුකෝ. ඔන්න දැන් චාමිං කුමාරයා කුමරියව සිපගන්නයි සූදානම. ඒ සිපගැනීමෙන් මුළු රාජධානියකම ඉරණම වෙනස් වෙන්න තිබ්බා. ඒත් වෙන්නෙ වෙනම දෙයක් චාමිං කුමාරයා යන්නෙ හිස් අතින්. ඒ හිස් අතින් යන්නෙ වෙන මොකක් හින්දාවත් නෙවෙයි, ෆියෝනා කුමරිය ඉන්නෙ එයාගෙ සැමියා ශ්‍රෙක් එක්ක මධුසමය ගතකරමින්. ඉතින් ඒකත් ඉවර වෙලා අළුත් ජෝඩුව එයාලගෙ පරණ තැනටම එන්නෙ තනියම ඉන්න. ඒත් ඒකත් කරගන්න හම්බවෙන්නෙත් නෑ. ඒ ශ්‍රෙක්ගෙ අතිජාත මිත්‍ර බූරුවා හින්දා. ඒකත් කමක් නෑ. මෙන්න ඈත ඈත රාජධානියෙ රජතුමයි, රැජිණයි වන ෆියෝනගෙ අම්මටයි තාත්තටයි තමන්ගෙ දුවව දකින්න ඕන වෙලා. ශ්‍රෙක් නම් ඒකට කැමති නෑ. ඊට පස්සෙ අළුත් ජෝඩුව වාද විවාද කරලා අන්තිමේදී, අම්මිවයි තාත්තිවයි බලන්න යනවා. ඉතින් ඒ යන ගමනින් අපේ යාළුවො තුන්දෙනාගෙ ජීවිත එහෙම පිටින්ම උඩු යටිකුරු වෙයි කියල ඒ වෙලාවෙ නම් එයාල දැනං හිටියේ නෑ. ඉතින් අන්තිමේදී සියලු බාධක මැද්දෙ, ශ්‍රෙක් තමන්ගෙ ආදරය ජයගන්නෙ කොහොමද කියලා බලන්න, මේ චිත්‍රපටිය ඉවර වෙනකම්ම බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.
Watch Online | Online Player 👇
Links
Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න