Zoo 2017 : sinhala dubbed movie 480p [සිංහල හඩකැවූ]
ඔන්න ආයේ වැඩි කල් නොගිහින් තවත් සත්‍ය කතාවක් අරගෙන ආව. අහම්බෙන් තමයි මේක මට බලන්න හම්බුනේ. පවුලේ අයත් එක්ක පොඩි ළමයි එක්ක එකට බලන්න පුළුවන් හරිම අපුරු සංවේදී සත්‍ය කතාවක් මේක. The Zookeeper’s Wife (2017) ෆිල්ම් එක බලල හිත ගිය කෙනෙක් නම් ඔන්න මේකත් අත් හරින්න එපා කොහෙත්ම මේ සිනමාපටය සඳහා IMDB 6.7 වගේම කුණු තක්කාලි 88% ක් ලැබෙනවා. ඒ අගය ලැබෙන්නේ Average Rating: 7.1/10 ක් විදියට. ඒ අගය ලැබෙන්නේ විචාරකයින්ගේ විචාර 17කින්.හොඳයි කියල 15 ක් ලැබෙනකොට හොඳ නැහැ කියල ලැබෙන්නේ විචාර 2යි. එහෙමනම් බලමු මොකක්ද මේ සිනමාපට පාදක වුණ සත්‍ය කතාව මොකක්ද කියල.
බෙල්ෆාස්ට් සත්ව විද්‍යා උද්‍යානය, එහෙමත් නැත්නම් බෙල්ෆාස්ට් සූ එක තියෙන්න උතුරු අයර්ලන්තයේ.සත්ව විශේෂ 116ක් මේ වෙනකොට මේ උද්‍යානයේ නවාතැන් අරගෙන ඉන්නවා. පෞද්ගලිකව සත්තුන්ව හිරකරලා තියෙන ඒවාට අකමැතියි මම. ඒත් මේ සත්වෝද්‍යානය ලංකාවේ දෙහිවල තියෙන එකට වඩා සිය දහස් ගුණයක් හොඳයි කියල තෙරයි ගුගල් කරලා බැලුවම පොඩ්ඩක්. ඉතින් මේ අරගෙන ආව කතාවට පාදක වෙන්නේ දෙවැනි ලෝක යුධ සමය. හරියටම කිව්වොත් 1941 වසර. සිදුවීමේ මුලිකම චරිත ද්විත්වය වෙන්නේ බස්ටර් කියන අලි පැටියා සහ ඩෙනිස් ඔස්ටින් කියන අයර්ලන්ත කාන්තාව. මේ දෙන්නම ජිවත් උනේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට්වල. මේ සිදුවීම වෙනකොට ඔස්ටින් මහත්මිය සත්තු වත්තේ වැඩ කරන සත්ව නියාමකවරියක්.ෆිල්ම් එකේ අලි පැටියගේ නම බස්ටර් උනාට මෙයාගේ ඇත්තටම නම ශිලා, ඒ වගේම අලි පැටියෙකුත් නෙමේ මෙයා කෙනරක්. ඉතිං ජර්මානුවන් මේ ප්‍රදේශයට බෝම්බ දාන්න සුදානමක් තියෙනව කියල දැනගන්න අයර්ලන්ත රජය, බෙල්ෆාස්ට් සත්තුවත්තේ ඉන්නේ මාරාන්තික සත්වයින් 33 දෙනෙක් වෙඩි තබා ඝාතනය කරන්න කියල නියෝග කරනවා.එහෙම කරන්නේ බෝම්බ දානකොට සත්තුවත්තේ ඉන්න භයානක සතුන් එලියට පැන්නොත් එහෙම මිනිස්සුන්ගේ ජිවිත වලට ඒක තවත් භයානක තත්වයක් උදා කරවන නිසා. ඉතිං මේ ලැයිස්තුවට ශිලාව එකතු කරන්න අමතක වෙනවා රජයට. ඩෙනිස් කරන්නේ එදාම ශිලාව හොරෙන් අරගෙන ඇවිල්ල තමන්ගේ බැක්යාඩ් එකේ එහෙම නැත්නම් ගෙදර පිළිකන්නේ හංගලා තියනවා. සාමාන්‍යයෙන් පිටරට ගෙවල් වල පිළිකන්න තමා ඉදිරිපස මිදුලට වඩා විශාල සහ එයාල පොඩි පොඩි සාද එහෙම පවත්වන්නේ එයාලගේ බැක්යාඩ් එකේ.ඩෙනිස්ගේ පිහිටෙන් ලෝක යුද්ධයේදී හිට්ලර්ග්ගේ බෝම්බ වලිනුත් අයර්ලන්ත රාජයේ මාරාන්තික උණ්ඩවලිනුත් තමන්ගේ ජිවිතේ බේරගන්න ශිලා 1960දි ජිවිතයෙන් සමුගන්නවා.. ඔස්ටින් මහත්මිය මිය යන්නේ 1990දී.
ඒත් ෆිල්ම් එකේ තියෙන විදියට නම් ඔස්ටින් මහත්මිය සෑහෙන්න වයසයි වගේම අලියාගේ නම බස්ටර්. ඒ විතරක් නෙමේ පුංචි ළමයි තුන් හතර දෙනෙක් තමයි බස්ටර්ව සත්තුවත්තෙන් හොරකම් කරගෙන ඇවිල්ල ඔස්ටින් මහත්මියගේ ගෙදර හංගන්නේ… කතාවේ නිර්මාණාත්මක අවශ්‍යතාවයන් නිසාවෙන් ඒවා වෙනස් කරලා තියෙන්නේ ඉතිං. කොහොම නමුත් මම ඉහත කිව්වා කතාව තමා සිද්දවෙලා තියෙන්නේචිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Colin McIvor විසින්. ප්‍රධාන චරිත විදියට Toby Jones, Penelope Wilton, Amy Huberman, Art Parkinson.. ඇතුළු පිරිසක් එකතු වෙනවා. එහෙම නම් ඉතිං ඔන්න මෙතනින් එහාට ඔයාලට බාරයි. තවත් උපසිරසකින් මුනගැසෙමු එහෙනම්