2011 ‧ Family/Adventure ‧ 1h 32m
ඔන්න එහෙනම් අද පරණ ෆිල්ම් එකක් අරගෙන ආවා. Alvin and the Chipmunks Chip Wrecked. ඕක තමා ෆිල්ම් එක. මේක Alvin and the Chipmunks සිනමාපට මාලාවේ තුන්වෙනි සිනමාපටය. මේකේ කලින් ෆිල්ම් දෙකට සබ් දුන්නෙ නිර්මාණි අක්කා. නමුත් එයාට වෙන සබ් වගයක් කරන්න තියෙනවා කියලා පුළුවන් නම් කරන්න කියලා මේක බාර දුන්නා. ඉතින් මාත් පොඩ්ඩක් නිදහසේ හිටපු නිසා බාරගත්තා. ඉතින් වෙනදා වගේම මේ සිනමාපටය පුරාවටත් ගලාගෙන යන්නේ අර ඇල්වින් ඇතුළු අනිත් දඬු ලේන්නු ටික කරන පිස්සු වැඩ තමා. හිනා කාලා මැරෙනවා ඉතින් උන් කරන වැඩ වලට. ඉතින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ The SpongeBob Movie: Sponge Out of Water, Shrek Forever After වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ Mike Mitchell නම් අධ්‍යක්ෂකවරයා අතිනුයි. IMDb අගය 4.4ක්. අද කතාවෙත් ඉතින් ඇල්වින් ඇතුළු සෙට් එක පිස්සුවක් තමා නටන්නේ. කට්ටිය නිවාඩුවකට නැව් සංචාරයක යනවා. ඉතින් ඒ අතරේ මෙයාලා කරන පිස්සු වැඩක් නිසා දඬු ලේන්නු ටිකයි ඩේව්වයි ඉයන්වයි දූපතකට ගහගෙන යනවා. ඉතින් ඊට පස්සෙ ඉඳන් මේගොල්ලෝ දූපතේන් එළියට එන්න දරන උත්සාහය ගැන තමා කතාව පුරාවට ගලාගෙන යන්නේ. ඉතින් මේගොල්ලොන්ට බේරෙන්න පුළුවන් වෙයිද? දූපතේදී මෙයාලට මුහුණ දෙන්න වෙන්නෙ මොන වගේ දේවල් වලටද? සයිමන්ට මොකද මේ එකපාරටම වෙන්නෙ? මේ හැමදෙයක්ම ඔයාලම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා… එහෙනම් තවත් සිනමාපටයකින් හම්බවෙනකම් හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Download Links
අපේ ටෙලිගරෑම් group එකට join වෙන්න 👉 Join
Watch All Alwin Movies In sinhala 👉 LINK