The Secret Life Of Pets - 2 Sinhala Dubbed [සිංහල හඩකැවූ] Movie 720P HD & 360P watch

 

මේ චිත්‍රපටය ගැන බැලුවොත්, මේ තමයි The Secret Life of Pets හි දෙවන චිත්‍රපටය. පළමු චිත්‍රපටය නිකුත් වුණේ 2016 වසරේ ජූනි 16 වෙනදා. එය ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 875ක ආදායමක් ලබාගනිමින් 2016 වසරේ 6වන වැඩිම ආදායම් ලාභී චිත්‍රපටය බවට අතිසාර්ථකව පත් වන්නට සමත් වුණා. හැමෝම ඒ ලස්සන චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. බලලා නැති අය ඉන්නවනම් කතාවේ චරිත ටික සහ වටපිටාව ගැන දැනගන්න පළමු එකත් බලලා ඉන්න. ඉතින් මේ දෙවෙනි චිත්‍රපටය නිකුත් වෙන්නේ මේ වසරේ (2019) ජූනි 7 වෙනිදා.

ඉතින් පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් කාලයකට පසුව මැක්ස් සහ ඩූක් ගජ යාළුවො දෙන්නගේ අයිතිකාරිය කේටි, චක් සමග විවාහාප්‍රාප්ත වෙනවා. මැක්ස් කියන්නේ පොඩි ළමයින්ට කැමති බල්ලෙක් නෙමෙයි. ළමයින්ගේ වැඩ මැක්ස්ට අල්ලන්නෙ නැහැ. නමුත් මැක්ස් හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු විදිහට කේටි සහ චක්ට දරුවෙක් ලැබෙනවා. ඒ බබාගේ නම තමයි ලියම්. හරි වැඩේ තමයි නේද? මැක්ස්ට දැන් බබාව එපා කියන්නයෑ! බබාගේ වැඩ නිසා මැක්ස්ට මොකද වෙන්නේ කියලත් මැක්ස්, ඩූක් සහ ලියම් බබාගේ සම්බන්ධය මොන විදිහට ගලාගෙන යාවිද කියලත් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ඒ අතරතුරේ තවත් කතාවක් සිද්ධ වෙනවා. අපි පළවෙනි චිත්‍රපටියෙ කැරලිකාර සුරතල්ලුන්ගෙ නායක හාවා, ස්නෝබෝල් හීලෑ වුණු විදිහ අපි දැක්කා. දැන් එයා කැප්ටන් ස්නෝබෝල් කියලා වීරයෙක්. ඉතින් එයාගේ වීර ක්‍රියාත් අපිට දැකබලාගන්න පුලුවන්. හොඳට හිනාවෙලා පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් විදිහට මේක හඳුන්වන්න පුලුවන්. තවත් ලියන්න යන්නෙ නෑ ලිපිය හිතුවට වඩා දීර්ඝ වුණු නිසා…

Secret life of pets 2 download series
අපේ ටෙලිග්‍රෑම් group එකට join වෙන්න​ 👉 JOIN