Ozzy sinhala dubbed [ සිංහල හඩකැවූ ] movie ( 720P HD | 800MB )

 


හොඳයි, මේ Animation Movie එක 2016 නොවැම්බර් වල නිකුත් වෙච්ච පැය 01යි මිනිත්තු 30ක ධාවන කාලයකින් යුත් Animation, Adventure, Funny ගණයට අයත් වන ඩොලර් මිලියන 10ක වැය ශීර්ෂයකින් යුතු වුණු, කාටත් බලන්න පුළුවන් නියම මූවි එකක්.


මේ කාටූන් චිත්‍රපටය Best Animated Film(Cinema Writers Circle Awards,Spain 2017),Best Animated Feature(Gaudí Awards 2017) කියන සම්මාන ද්විත්වය ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියනවා. ඒ වගේම Best Sound Goya Awards 2017 සහ Best Animation Film  Goya Awards 2017 කියන සම්මාන සඳහා මෙහි නාමයෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා.


කතාව ගැන ටිකක් කිව්වොත් මෙහෙමයි, මේකෙ ප්‍රධාන චරිතය තමයි ඔසී කියන බල්ලා. මෙයා බොහොම මිත්‍රශීලී සාමකාමී බල්ලෙක්. මෙයා ඉන්න ගෙදර පවුලේ අයට පිටරට ව්‍යාපාරික සංචාරයකට යන්න ලැබෙනවා. ඒත් එහාට බල්ලව ගෙනියන්න විදියක් නෑ. ඉතින් එයාලට දුකෙන් උනත් ඔසීව බල්ලෝ බලාගන්න තැනක දාල යන්න වෙනවා. ඒත් ඒ තැන එයාල හිතන විදියෙ තැනක් නෙවෙයි. ඒක ටිකක් අමුතු ප්ලේස් එකක්. 😉 පස්සේ එතනින් එයාව හිර කඳවුරක් වගේ තැනකට ගෙනියනවා. එයා විතරක් නෙවෙයි, එහේ තව අරන් ඇවිත් බලෙන් තියන් ඉන්න බල්ලෝ ගොඩක් ඉන්නවා. එතන පාලනය ගෙනියන්නෙත් බල්ලො ටිකක්ම තමයි. ඔසීට මරු යාළුවෝ දෙතුන් දෙනෙකුත් හම්බවෙනවා. ඉතින් කතාව ඉදිරියට යන්නේ ඔන්න ඔය කඳවුරේ වෙන සිදුවීම් මාලාවත් එක්ක. ඔසීට ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ඔය අතරේ නියම විහිළු සෙට් එකකුත් තියනවා. 😆 ඉතින් ඔසීට මොනවගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද? එතන මොනවද සිද්ද වෙන්නේ? ඔසීට එතනින් බේරිලා ආපහු ගෙදර යන්න ලැබෙයිද? ඒත් එතකොට අනිත් අයට මොකද වෙන්නේ?


ඉතින් වැඩි විස්තර දැනගන්න නම් මේක බලන්නම වෙනවා. Animation Films බලන්න කැමති අයට පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා හිනාවෙවී විනෝදයෙන් බලන්න පුළුවන් කුතුහලය පිරි ලස්සන කතාවක්. හැමෝටම මේ සුපිරි කාටූන් චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරනවා.


Download Links

👉Telegram

👉GDrive

👉I Server


අපේ ටෙලිග්‍රෑම් group එකට join වෙන්න​ 👉 JOIN