Harry potter 1- the philosopher's stone sinhala dubbed
ඉතින් ලංකාවේ ෆෑන්බේස් අතින් ඉහලින්ම ඉන්න ෆිල්ම් මාලාවක්නේ හැරි පෝටර් කියන්නේ. ඒ නිසා හරියාකාර සබ් එකක් නැති එක ලොකු අඩුපාඩුවක් ඔන්න එහෙනම් ඒක හරි.. ටයිම් සෙට් වෙන්නේ නෑ කියලා හුඟක් අය චෝදනා කරලා තිබ්බා. ෆිල්ම් හතේම වගේ ටයිම් වල අවුල තියෙනවා මොකද සෑහෙන කාලෙකට කලින්නේ ඒවට උපසිරසි ලබාදුන්නේ. ඒ කාලේ උපසිරසි ලබාදුන්න ෆිල්ම් කොපි දැන් හොයාගන්න නෑ, අලුත් කොපි ඇවිල්ලා තියෙනවා ඒවට සබ් එක ගැලපෙන්නේ නෑ. ඒ වගේම මුල් සිනමාපට පහේම උපසිරසි ලබාදුන්නු අය දැන් වෙද්දී වෙබ් අඩවිය එක්ක නැහැ. ඒ නිසා Extended සබ් එක සින්ක් කරන එකට වඩා සබ් එක අලුතින්ම කරන එක හොඳ නිසා මම වැඩේ පටන්ගත්තා. ටයිම් අවුල් නැති වර්තමානයේ තියෙන හොඳම කොපි වලට ගැලපෙන සබ් එකක් මම අරගෙන තමයි මේ ආවේ.
මීට අවුරුදු 23කට කලින් J.K. Rowling කියන කතුවරියගේ හිතේ ඇදෙන අදහසක් ඔස්සේ ගොඩනැගුන හැරීපෝටර් විශ්වය අද වෙනකොට කොතරම් ප්‍රසිද්ධද කිව්වොත් එවකට ඉතා දුප්පත්ව සියදිවි නසාගන්න පවා තැත්කරපු රෝලින් මහත්මිය අද ලෝකයේ වැඩිම දෙනෙක් කතා බහ වෙන වගේම ලෝකයෙ ධනවත්ම පුද්ගලයින් අතර ඉහලින්ම ඉන්න තැනැත්තියක්. ලෝකයේ වගේම ලංකාවේද ලොකුම ෆෑන්බේස් එකක් තියෙන කතාවක් තමා හැරි පෝටර් කියන්නේ. ඉස්සර සිරසේ හැරි පෝටර් කතා පෙන්නනකල් පිස්සුවෙන් වගේ අපි බලාගෙන හිටියා තාම මතකයි. ඉතින් එහෙම නිර්මාණය වුන හැරි පෝටර් ෆිල්ම් මාලාවට පාදක වෙන්නේ රෝලින් මහත්මියගේ…
The Philosopher’s Stone (1997)
The Chamber of Secrets (1998)
The Prisoner of Azkaban (1999)
The Goblet of Fire (2000)
The Order of the Phoenix (2003)
The Half-Blood Prince (2005)
The Deathly Hallows (2007) කියන ග්‍රන්ථයන් හත.
එසේ නිර්මාණය වුන හැරි පොටර් විශ්වය තවත් ප්‍රසිද්ධියට පත් වෙන්නේ ඒ පොත් මාලාවෙන් සිනමා පට අටක් නිකුත් වීමත් සමඟයි. පොත් හතක් වුනාට, අවසාන පොත කොටස් දෙකකට අරගෙන තමා ෆිල්ම් අටක් වෙන්නේ.