Big hero 6 Sinhala Dubbed (මනුස්සකම පිරි යකඩ හදවත) - ( 800MB | 720P )
Details
Release date: November 7, 2014 (USA)
Directors: Chris Williams, Don Hall
Music by: Henry Jackman
Box office: $657.9 million
Distributed by: Walt Disney Studios Motion Pictures
Plot
කුතුහලය දනවන මාතෘකාවක් පාදක කරගත්තු චිත්‍රපටියක්වන මෙය බලන ඔයාලට තප්පරයක් වත් කම්මැලි හිතෙන එකක් නම් නෑ. නවීන තාක්ෂනය අවභාවිතා කිරීම් හා සම්බන්ධ වූ සිදුවීම් මාලාවක් තමයි මේ චිත්‍රපටිය නිර්මාණයට පාදක කරගෙන තියෙන්නෙ. හීරෝ නැමැති අවුරුදු 14ක වගේ ළමයෙකුයි එයාගෙ සහයට ඉන්න නවීන තාක්ෂනයෙන් හෙබි බීමැක්ස් නම්වූ රොබෝ කෙනෙකුයි තමයි මේ කතාවෙ ප්‍රධානම චරිත දෙක. ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් හා රසවත් සිදුවීම් වලින් පිරිල තියන, ඔයාල බලන්ඩම ඕනි සුපිරිම සුපිරි චිත්‍රපටියක් තමයි මේ Big hero 6 කියන්නෙ.
මේ චිත්‍රපටිය Animation, Action, Adventure කියන කාණ්ඩ වලට අයිති වෙන ඉංග්‍රීසි චිත්‍රපටියක්.මේක එළිදක්වල තියෙන්නෙ 2014 නොවැම්බර් මාසෙ 07 වෙනිද. මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Don Hall හා Chris Williams කියන අධ්‍යක්ෂක වරු දෙදෙනා විසිනි. මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.8 වැනි ඉහළ අගයක් ලබා ගැනිමට සමත්ව තිබෙනවා. මේ Big hero 6 චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක්ද ඇතුළුව ජයග්‍රහන 17ක් ලබාගෙන ඇති අතර වෙනත් ඇගයීම් 58 කට නිර්දේශ වෙලා තියනව. ඔස්කාර් සම්මානයකුත් දිනල තියනව කීවට පස්සෙ ඉතිං ආයෙ මේ චිත්‍රපටිය කොච්චර සුපිරියක්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ ඉතිං නේද.අපි කෙළින්ම යමු කතාව පැත්තට.
හීරෝ හමාඩා කියන්නෙ අවුරුදු 13දි උපාධියක් සම්පූර්ණ කරපු ,නවීන විද්‍යාව හා තාක්ෂනය ගැන ඉහල දැනුමක් තියන ළමයෙක්. හීරෝගෙ වැඩිමල් සහෝදරය තමයි ටඩාෂී හමාඩා. ටඩාෂි ඉගෙනගන්න උසස් විද්‍යාලයෙ ප්‍රධාන මහාචාර්‍යවරය තමයි ප්‍රොෆෙස කැල්හෑන්. ටඩාෂිට හොදම යාලුවො 4 දෙනෙක් හිටිය. දවසක් ටඩාෂි හීරෝව එයාගෙ විද්‍යාලයට එක්ක යනව. එහෙදි ටඩාෂියි එයාගෙ යාලුවොයි කරන විද්‍යා පරීක්ෂන දැකල හීරෝ ගොඩක් පුදුම වෙනව.ටඩාෂිගෙ විද්‍යා නිර්මාණය තමා බීමැක්ස් කියන රොබෝ. ඒ නිර්මාණය හීරෝට ගොඩක් හිතට වැදුන.අන්තිමේදි හීරෝටත් ඒ විද්‍යාලයට ඇතුලත් වෙන්න ඕනි වුනා. ඒ විද්‍යාලයට ඇතුල් වෙන්න නම් නවීන තාක්ෂනය භාවිතා කරල නව නිර්මාණයක් කරල පෙන්නන්න ඕනි. ඉතිං අපේ හීරෝත් ඒ වෙනුවෙන් වැඩ පටන් ගත්ත. ඔන්න ටික දවසකින් නව නිර්මාණ ඉදිරිපත් කරන දවසත් ආව. හීරෝගෙ නිර්මාණයවුනේ ක්ෂුද්‍ර රොබෝවරු මනසින් පාලනය කරන උපකරනයක්. කොහොම හරි හීරෝගෙ නිර්මාණය අති විශිෂ්ඨ එකක් වුනා. ඉතිං මහාචාර්‍යවරය කැල්හෑන් හීරෝව තමංගෙ විද්‍යාලයට ඉහළින්ම පිළිගත්ත. කොහොම හරි ඒ වැඩ ටික ඉවරවෙලා හීරෝයි, ටඩාෂීයි එයාගෙ යාලුවො ටිකයි විද්‍යාලයෙන් පිටත් වුනා. ඔවුන් එළියට ආව විතරයි එක පාරට ඒ ගොඩනැගිල්ල ඇතුලෙ ගින්නක් හටගත්ත. ඊට පස්සෙ ටඩාෂිට දැනගන්න ලැබුනා මහාචාර්‍ය කැල්හෑන් ගොඩනැගිල්ල ඇතුලෙ හිරවෙලා ඉන්නව කියල. ඉතිං ටඩාෂි මාහාචාර්‍ය තුමාව බේරගන්න ගොඩනැගිල්ල ඇතුලට දීව. ඒ එක්කම එකපාරටම මුළු ගොඩනැගිල්ලම පිපිරුව. ඒ පිපිරීමෙන් ටඩාෂියි මහාචාර්‍ය කැල්හෑනුයි මියගියා.තමාගෙ සහෝදරය නැතිවීමෙන් ඇතිවෙච්ච දුක නිසා හීරෝ විද්‍යාවෙන් ඈත්වුනා. කාලයක් ගතවුනා. දවසක් හීරෝට දැන ගන්න හම්බුනා තමං නිර්මාණය කරපු ක්ෂුද්‍ර රොබෝල එදා විද්‍යාලයේ වෙච්ච පිපිරීමෙන් විනාශ නොවුනු බවටත් ඒවා කවුරු හරි තවතවත් නිපදවන බවටත්.මේක ගැන හීරෝයි ටඩාෂිගෙ යාලුවො හතරදෙනයි හොයන්න පටන්ගත්ත. ඔහොමයි කතාව පටන්ගන්නෙ.
ඇත්තටම එදා වෙච්ච පිපිරීමෙන් ඇයි ක්ෂුද්‍ර රොබෝල විනාශ වුනේ නැත්තෙ?
කවුද මේ ආයෙ පාරක් ක්ෂුද්‍ර රොබෝල නිපදවන්නෙ?
එදා විද්‍යාලයේ ඇතිවෙච්ච ගින්න අහම්බයක්ද?
නැත්තන් හීරෝගෙ ක්ෂුද්‍ර රොබෝල හොරකන් කරන්න කවුරුහරි කරපු කුමන්ත්‍රනයක්ද?
එහෙම නම් ටඩාෂිගෙයි මහාචාර්‍ය කැල්හෑන්ගෙයි නැතිවුන ජීවිත වලට වගකියන්න ඕනෙ ඔහු නේද?
අවසානයේදි හීරෝයි ටඩාෂිගෙ යාලුවො හතරදෙනයි කොහොම මේ අවුල ලිහයිද?
ඔන්න ප්‍රශ්න පත්තරයක්ම තියනවා. ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු පත්‍රය ඕන්නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනව.ඉතිං මම හැමෝටම ආරාධනා කරන්න කැමතියි.