Abominable sinhala dubbed [ සිංහල හඩකැවූ ] movie (720P HD | 1.1GB)
How to Train Your Dragon කතා මාලාවට ගොඩක්ම ආදරේ කරන අය වෙනුවෙන් කතා නිර්මාණය ගෙනආපු ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම චිත්‍රපටය තමයි මේ Abominable කියන්නේ. අපිට සත්තු එක්ක කතා කරගන්න බැරිවුනත් ඔවුන්ට සන්නිවේදනය කරන්න ඔවුන්ගේම විධික්‍රම තියෙනවා. ලෝකයක් වරදවා වටහාගත්තු සත්තු මූලික කරගෙන තමයි ඩ්‍රැගන් කතාමාලාව වගේම මේ ඉදිරිපත් කරන්න යන කතාවත් පාදක කරගෙන තියෙන්නේ. නමුත් කතා දෙකේම ඉන්න සත්තු මිථ්‍යාවන් විසින් ගොඩනැගුනු සතුන් වුනත්, ඔවුන් සැබෑවටම හිටියොත් මිනිසුන් මොන විදියට ඔවුන්ව වටහාගනීද? මේ ප්‍රශ්ණයට උපකල්පනයක් මූලික කරගෙන ගොඩනැගුල ලස්සන කතාවක් තමයි මේ විදියට අද ඉදිරිපත් කරන්නේ.
කුඩා වුනත් ලොකු වුනත් සතුරු වුනත් මිතුරු වුනත් අපට වගේම සියලු සත්වයින්ට මේ මිහිපිට අයිතියක් තියෙනවා. කාලයෙන් කාලයට අලුත් සතුන් සොයාගැනීම තවමත් මේ ලෝක තලයේ සිද්ධවෙන දෙයක්. ඒ කියන්නේ අභ්‍යවකාශය ගවේශණය කරන්න ආරම්භ කර සිටින අපි තවමත් පෘථීවි තලය ගවේශණය කිරීම අවසන් කරවත් නෑ. කවුරු වුනත් පුදුම වෙන නමුත් සැබෑ කරුණක් තමයි අපේ වායුගෝලයෙන් එපිට අභ්‍යවකාශය ගවේශණය කොට තිබෙන ප්‍රතිශතයටත් වඩා සැලකිය යුතු ප්‍රමාණයෙන් බොහෝම අඩු ප්‍රතිශතයක් තමයි අපේ පෘථිවියේ මහමුහුද මිනිසුන් විසින් ගවේශණය කොට තිබෙන්නේ. ඒ කියන්නේ තවමත් මිථ්‍යාවන් කියන සතුන් අතීතයේ නොසිටියා කියන්න හෝ සිටියා කියන්න සාක්ශි නැතිව ඔප්පු කරන්න බෑ. අපි නොහිතන විදියේ සතුන් තවමත් මේ මිහිපිට ජීවත් වීමට බොහෝමයක් ඉඩකඩ තියෙනවා. මේ තර්කය මතින් පෝශණය වුනු මිනිසුන්ගේ ඇස රැවටී දකින දේ නිර්මාණාත්මකව සාධාරණීකරනය කොට ඉදිරිපත් කිරීමට යාමත්, ඒ කතාන්දර කටින් කට යාමත් සහ මිනිසාගේ නිර්මාණාත්මක පරිකල්පනය වැනි දේවල් එකතුවෙලා ජනප්‍රවාද මේ ලෝකයේ එමට ගොඩනැගී තියෙනවා. ඉතිං මේ ජනප්‍රවාද වලින් ජීවාලෝකයට පත්වුනු සතෙක් තමයි යෙටී කියන්නේ.
යෙටී සමහරෙකුගේ කතාන්දර වලට අනුව දරුණු සත්වයෙක්. සමහරෙකුගේ අදහස් අනුව අවතාරයක්. තවත් කෙනෙකුගේ අදහස අනුව මානව පරිනාම පුරුකෙන් සැඟව ගිය තවමත් ජීවත්වන සත්ත්ව කොට්ඨාසයක්. තවත් අයෙකුට හිම අතරේ හිම වලසෙකු දැකීමෙන් ඇතිවුනු ඇස රැවටීමක්. මේ කෙසේ වෙතත් මේ සත්ත්වයා පාදක කරගෙන බොහෝමයක් නිර්මාණාත්මක කතාන්දර සිනමාවේ ගොඩනැගී තියෙනවා. ඒ නිසා යෙටී කියන්නේ සිනමාවට නව චරිතයක් නෙමෙයි. ඒත් ළමා කාලයේ දරුවෙකුට යෙටී කෙනෙක් හමුවුනොත්. මොන විදියට එයාලගේ ජීවිතේ වෙනස් වේවිද? ඒ පුංචි හිත හිතන විදියත් එක්ක මොන වගේ දේවල් සිද්ධ වේවිද? අපි දන්නවාට වඩා යෙටී පිලිබඳ සැඟවුනු රහස් තව කොපමණ තියෙනවා ඇද්ද? මේ දේවල් නිර්මාණාත්මක හෙලිදරව් කරන සජීවකරණ චිත්‍රපට වලට කැමති හැමෝම වෙනුවෙන් මම මේ පරිවර්ථනය කරන ලද චිත්‍රපටය නරඹන්න ආරාධනා කරන ගමන් සමුගන්නම්. චිත්‍රපටය පිලිබඳව කිසිඳු විස්තරයක් නොකර ඔයාලා හැමෝටම කතාවෙන්ම බලාගන්න ඉතුරු කරන්නම්.